කොළඹ සිට කටුනායක දක්වා වන අධිවේගී මාර්ගයේ මාර්ග අවහිරතාවයක් සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
අද (20) උදෑසන 10 සිට කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ නව කැලණි පාලම ඉදිකිරීම හේතුවෙන් කොළඹ සිට කටුනායක දක්වා ගමන් ගන්නා මාර්ගයේ මෙම අවහිරතාව ඇතිවී තිබෙනවා.
ඒ අනුව, අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට මීටර 2 ක් පමණ පළලින් හා මීටර් 200ක් පමණ දිගින් යුත් කොටසක් තාවකාලිකව අවහිර කර නඩත්තු සිදු කරන බවයි පොලීසිය පවසන්නේ.
මෙම නඩත්තු කටයුත්ත ඔක්තෝබර් මස 04 වන දින දක්වා සිදු කිරීමට නියමිත බවත් පොලීසිය වැඩිදුරටත් දන්වා සිටිනවා.