අනුරාධපුර නවනගරය ප්‍රදේශයේදී 17 හැවිරිදි අයෙකු දුම්රියකට පැන සිය දිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.
කන්කසනතුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියට පැනීමෙනුයි මෙසේ ඔහු සිය දිවි හානිකරගෙන ඇත්තේ.
මේ අතර මහනුවර සහ හලාවත යන ප්‍රදේශවලදී ද කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මහනුවර , අරුප්පල ප්‍රදේශයේ දී 20 හැවිරිදි තරුණියක් සහ හලාවත කාකපල්ලිය ප්‍රදේශයේ 36 හැවිදිරි පුද්ගලයෙකු ද සිය දිවි හානිකරගෙන ඇති බවයි.