පුංචිකාලේ ඉඳන් හැදුණු ගෙදර දාලා ගොඩක් අය දැන් ටවුන් එකට ඇවිත්. ඒ රස්සාවක් කරන්න. එහෙමත් නැත්නම් ඉගෙන ගන්න. ගමේ යාලුවෝ එක්ක පොඩි කාලේ ඉඳන් වෙළක බැහැලා සෙල්ලම් කරපු, එහෙමත් නැත්තම් ගමේ පිට්ටනියක ගිහින් රෑ එළි වෙනකම් වෙලාවක් කලාවක් නැතිව ක්‍රිකට් සෙල්ලම් කරපු, ගෙවල් ලඟ වත්තකට පැනලා එකේ තියෙන පළතුරක් කඩාගෙන කාලා විනෝද වුනු, අව්වේ වේලි වේලි අම්මාගෙන් බැණුම් අහගෙන සරුංගල් යවපු, ඇළවල් වල බැහැලා ගප්පි පැටව් අල්ලපු ඒ සුන්දර කාලේ අපිටත් හොරෙන්ම අපිව දාලා ගිහින්.
නගරේ ජීවිතේට පුරුදු වුනු අපි දැන් කොන්ක්‍රීට් වනාන්තරයකට වෙලා දවස ගෙවන්නේ ගමේ සුන්දර ජීවිතය ආයේ කවදා එයිද කියන අහිංසක බලාපොරොත්තුව හිතේ තියාගෙන. එහෙම ජීවත්වෙන අයගේ හිතට ගමේ සුන්දරත්වය නැවතත් අරන් එන අපූරු වදන් පෙළක් මේ වන විට අන්තර්ජාලය පුරා කාගෙත් අතර ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ ‘‘
කොළඹ හරිම නපුරුයි අම්මේ‘‘ කියන මාතෘකාවත් එක්කයි.
තමන්ගේ ගමේ දැකපු සුන්දරත්වය කොළඹ නගරයේදී දකින්න නොලැබෙන හැටි ගැන වගේම තමන්ගේ ආදරණීය අම්මාට ඒ නගරයේ තියෙන කටුකත්වය ගැන කියන පුතෙක් වටා තමයි මේ පෝස්ට් ගෙතිලා තියෙන්නේ.
ඒ වගේම මේ වඳන් මුලින්ම ෆේස්බුක් ඔස්සේ පටන්ගත්තේ උදාර ධර්මසේන. මේ විදියට තවත් අන්තර්ජාලය පුරා සුවිශේෂීව කතාබහට ලක්වන මාතෘකාවන් ගැන #HiruGossipTrending ඔස්සේ ඔබවෙත ගෙනෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.