අවසානයේ මහේලත් ප්‍රේක්ෂකයින් සමග එකතු වෙයි...
ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජය සමග සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි සේ විවේචනයට පාත්‍ර වුණා.
මේ විවේචන පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන Twitter පණිවිඩයක් නිකුත් කරමින් මෙසේ අදහස් දක්වා තිබුණා.
"සමාජ මාධ්‍ය දෙස් බැලීමේදී ප්‍රේක්ෂකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි සේ විවේචනය කිරීමත් හාස්‍යයට ලක් කිරීමත් දකින්න පුළුවන්. ඔව් ඔවුන් ඉතාම දුර්වල ලෙස තමයි ක්‍රීඩා කලේ. නමුත් ඔවුන්ට පෞද්ගලිකව හානි කරන්න එපා. මේ ක්‍රීඩාවක්. මීට විසඳුමක් සෙවීමයි ඉදිරියට කල යුත්තේ."
නමුත් මහේලගේ මේ ප්‍රකාශයට දිගින් දිගටම ප්‍රේක්ෂයින් දැඩි විවේචනයක් එල්ල කළා. ඇතැම් පුද්ගලයින් මහේලට මේ පරාජයේ බරපතල බව පෙන්වා දීමට පියවරගත්තේ ඔහුගේ Twitter පණිවිඩයට දැඩි ප්‍රහාර එල්ල කරමින්.
එම ප්‍රහාර හමුවේ මහේල යලි Twitter පණිවිඩයක් නිකුත් කළා. එහිදී ඔහු මෙසේ ප්‍රකාශ කර තිබුණා.
"මට තේරුම් ගන්න පුළුවන් ඔබේ බලාපොරොත්තු සුන් වීම, මමත් ඔබ වැනිම බලාපොරොත්තු සුනු විසුනු වූ ප්‍රේක්ෂකයෙක්. අපි කල යුත්තේ කණ්ඩායම තවත් දිරිමත් කර මහන්සියෙන් වැඩ කිරීමට උනන්දු කිරීමයි."