"අපිටත් ගැටළුවක් ඇයි මෙච්චර පසුබෑමකට ගියෙ කියන එක"
" මේ ක්‍රීඩකයන්ට ප්‍රශ්ණයක් තියෙනවනම් කවුරුහරි මැදිහත් විය යුතුයි"
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය ගැන තමන් කණගාටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.
ඔහු මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන් මෙලෙස පසුබෑමකට ලක්වීම තමන්ටද ගැටළුවක් බවයි.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2019 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තුවෙන් සිටි බවයි.
"අපිටත් ගැටළුවක් ඇයි මෙච්චර පසුබෑමකට ගියෙ කියන එක. කවදාවත් හිතුවෙ නෑ පසුබෑමට යයි කියලා නැත්නම් මෙච්චර වේලාසනින් මම ක්‍රීඩාවෙන් අයින් වෙන්නේ නෑ මටත් ප්‍රශ්ණයක් ක්‍රීඩාවෙන් සමුගත්තේ නැත්නම්. 2019 ලෝක කුසලානය වෙනකම් ක්‍රීඩාකරන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුනේ. මම හිතන්නේ මේ ක්‍රීඩකයන්ට ප්‍රශ්ණයක් තියෙනවනම් කවුරුහරි මැදිහත් විය යුතුයි දැන්නම්. අපේ රාජ්‍ය නායකයන් හරි මැදිහත් වෙලා ඉක්මනින්ම නිවැරදි කරගන්න වෙනවා. මොකද අපිට තව මාස ගානයි තියෙන්නේ ලෝක කුසලානයට. පෞද්ගලිකව හිටපු නායකයෙක් හැටියට දැන් තියෙන තත්ත්වය ගැන ගොඩක් කණගාටුයි".