Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
රටම කතා කළ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයේ සුළ මුල හෙළිවෙයි, ඝාතන කොන්ත්‍රාත්තුව ලක්ෂ 15යි - Video & Photos

- රටම කතා කළ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයේ සුළ මුල හෙළිවෙයි, ඝාතන කොන්ත්‍රාත්තුව ලක්ෂ 15යි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,465 Views
ඝාතනය සිදුකලේ කුඩු ලංසියා නෙමෙයි...
ඝාතකයන් අල්ලන්න කලින් බන්ධන්ගාරයේ...

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ධනංජය ද සිල්වාගේ පිය වූ රංජන් ද සිල්වා මහතා ඝාතනය කලේ රත්මලානේ පිහිටි සිය නිවසේදී.

මේ ඝාතනය සැනින් එහි වගකීම රත්මලානේ හිටපු කුසු ජාවාරම්කරුවකු වූ කුඩු ලංසියාගේ කල්ලියේ වැඩක් බවට බොහෝ දෙනාගේ මතය විය. දැන් ලංසියා නැත ඔහු මීට කලකට පෙර රෝහාගේ කල්ලියෙන් මැරුම් කෑවේය.

ඊට පසු එම කල්ලිය මෙහෙයවන්නේ ඔහුගේ මල්ලි කුඩු අංජු. ඔහු විදේශයක සිටිමින් මේ ජාවාරම මෙහෙයවයි.

මේ අනුව රෝහාගේ කල්ලිය සහ අංජුගේ කල්ලිය අතර බද්ධ වෛරයක් ඇති වූ අතර රංජන්ද ද සිල්වා රෝහාගේ කල්ලිය අතර හිතවත්කමක් පැවතීම නිසා මේ ඝාතනය  අංජුගේ කල්ලියේ වැඩක් බවට පරීක්ෂණ කණ්ඩායම් තහවුරු කරගත් නමුත් මේ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී තහවුරු වුනේ මේ ඝාතනය මතුගම චන්දිමාල් යන අයගේ අවශ්‍යතාව මත සිදුවූවක් බවයි.

මේ විමර්ශන තවදුරටත් පුළුල් කිරීමේදී පොලිසියට දැනගන්නට ලැබුණේ රංජන් ද සිල්වා ඝාතනය කිරීමේ සිද්ධියට උපයෝගිකරගත් දුරකථනයක් රත්මලාන සිල්වෙස්ටර් පාරේ කුණු ඇලකට දමා ඇති බවයි. මේ අනුව කිමිඳුම්කරුවන් යොදවා එය සොයාගැනීමට පොලිසියට හැකිවිය.

මේ අනුව එහි තිබු සිම්පත හරහා පරීක්ෂණ ආරම්භ කල අතර රංජන් ද සිල්වා ඝාතනය කල දිනයේ සිද්ධියට පෙර සහ පසු පැයක එක හමාරක කාලයකදී ඇමතුම් හතක පමණ ගෙන ඇති බව සොයාගත් අතර ඊට පසු හෝ පෙර එම සිම්පත භාවිතා කර තිබුනේ නැත.

එම සිම්පත ලබාගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසිනි. ඇය සොයාගෙන ගිය රහස් පොලිස් සාමාජිකයන්ට දැනගන්නට ලැබුනේ ඇයගේ ඇයගේ ජාතික හැදුනුම්පත අස්ථානගතවී ඇති බවත් පසුව අලුතින් සාදවා ඇති බවත්ය.

මේ අනුව යලි පරීක්ෂණ වෙන මාවතකට යොමු වූ අතර එම දුරකථන අංකයට ළඟම තවත් අංකයක් සමග සම්බන්ද වී ඇති බව සොයාගත් ගත්තා.

මේ අනුව මුලින්ම සී.අයි.ඩී. අත්අඩංගුවට ගත්තේ එම ජංගම දුරකථනය භාවිතා කර ඇළට දමන්නට දුන් පුද්ගලයාය. මොරටුවේ පදිංචි මොහු අත්අඩංගුවට ගත් අතර තමා මේ ඝාතනයට ඔත්තු බැලූ බව ඔහු පිළිගත්තේය.

ඔහුගේ පාපොච්චරාණය අනුව තවත් පුද්ගලයින් තිදෙනකුගේ තොරතුරු හෙළිවිය. ඒ වනවිට ඔවුන් සිටියේ රක්ෂිත බන්ධනාගාරයේ.

අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව  සී.අයි.ඩී. නිලධාරීන් මේ තිදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කල අතර එහිදී අනාවරණය කරගත්තේ රත්මලාන ප්‍රදේශයේ සිදු වූ කුඩු ජාවාරම රංජන් ද සිල්වා මහතා විසින් පොලිසියට කොටු කර දීම නිසා මේ ඝාතනය කර ඇති බවයි.

එම කුඩු ජාවාරම මතුගම චන්දිමාල් නැමැත්තා විසින් සිදු කරන බවත් රංජන් ද සිල්වා මරා දැමීමට අවශ්‍යය අවි ආයුධ, මෝටර් රථ මෙන්ම රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නෙත් ඔහු බව හෙළිවිය.

රංජන් ද සිල්වා මරාදැමීමට මේ කල්ලියට අවශ්‍යය වන්නේ වෙසක් පොහොය දිනයේ පැවති දන්සලකදී ඇති වූ ආරවුලක් මුල්කරගෙනය.එදින දන්සේලේදී ආරවුලකට පැටලෙන්නේ රංජන් ද සිල්වාගේ ලොකු පුතා සහ ලංසියාගේ කල්ලියයි.

මේ ගැන  සහ රත්මලානේ කුඩු ව්‍යාපරය ගන රංජන් ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ගල්කිස්ස පොලිසයට පැමිණිලි කලද කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වුවද මේ පැමිණිල්ලෙන් පසු රත්මලාන ප්‍රදේශයේ කුඩු ජාවාරම මැඬලීමට රංජන් ද සිල්වාගේ පුර්ණ සහයෝගය පොලිසියට ලැබී ඇති අතර මතුගම චන්දිමාල්ගේ කුඩුද මේ අතරතුර පොලීසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රංජන් මරන්නට සැලසුම් කලේ ඉන් පසුවය.

රංජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු ජනිත් හෂාන් විමලවීර අඟුලාන ප්‍රදේශයේ කුඩු ජාවරම්කරුවෙකි. ඔහු කුදු සමග හසු වී බන්ධනාගාර ගතවන්නට සිදු වූ අතර ඔහුට යන්නට වුනේ කළුතර බන්ධගාරයටයි. එහිදී ඔහුට මතුගම සුදු පුතා නැමැත්තෙක් හදුනාගැනීමට හැකි වූ අතර ඔහු ජනිත හට බන්ධන්ගාරයේ සිට ගංජා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් හදුන්ව දුන්නේය. සුදු පුතා බන්ධනගාර ගතවන්නේ මතුගම චන්දිමාල්ගේ ගිනි අවියක් සමග පොලිසයට හසුවීමෙන්.

සුදු පුතා හරහා ජනිත්ට චන්දිමා හදුනාගැනීමට හැකි වූ අතර නිදහස් වී එලියට එන ජනිත්ට ඔහුගේ ප්‍රධානියා වූ ගොනාකෝවිල රොහා ලගට යාමට නොහැකි වූ අතර ඊට හේතුවුණේ රෝහගෙන් ගත් කුඩු වල මුදල් ලබාදීමට ජනිත්ට නොහැකි වීමයි. මේ නිසා ලංසියා සහ චන්දිමාල් සමග ජනිත් සබදතා පවත්වා ගත්තේය. රොහා සමග රංජන් ලග සබදතාවයක් පවත්වාගෙන තිබු බව සදහන්.

මේ අතරතුරයි මතුගම චන්දිමාල් රංජන් ද සිල්වා ඝාතනය කිරීමට ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් ජනිත්ට ලබා දෙන්නේ. මේ අනුව ඔහු තවත් දෙදෙනකු සමග රංජන් ඝාතනය කර තිබෙනවා.

නමුත් එම ඝාතනය සිදු කර මුදල් ගැනීමට ජනිත් චන්දිමාල් මුණගැසීමට ගොස් ඇති අතර ඔහු හමුවීමට නොහැකි වී පසුව චන්දිමාල් ගංජා කිලෝ දෙකක් ඔහුට ඒවා තිබෙනවා. ජනිත් ඔහුගේ ඝාතන සිදු කිරීමට සහය වූ මිතුරකු සමග එම ගංජා රැගෙන ඒමේදී පොල්සියට හසු වී තිබෙනවා. ඒ අනුවයි ඔහුන් බන්ධනාගාරගත වී ඇත්තේ.




 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,547 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,930 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,714 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,754 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,494 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,880 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,423 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,280 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,438 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,562 Downloads



Top 10 Commenters

Latest Comments

Top