නුවරඑළිය - අඹගමුව - ලොයිනවත්ත ප්‍රදේශයේ පස් කන්දකට යටවීමෙන් එකම පවුලේ මව සහ දියණිය ඊයේ (01) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 45 හැවිරිදි කාන්තාවක් සහ 19 හැවිරිදි තරුණියකයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගල් පෙරළීමේ සහ පස් කඳු කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින බවයි. ඊයේ මොණරාගල ප්‍රදේශයට ඇද හැලූණු වර්ෂාවත් සමඟ වෙහෙරගල ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මැණික් ගඟ පරිහරණය කරන ජනතාව අද දිනයේ සැලකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.