Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
කිරුළ ගෙනා පුරෝගාමියා අහිමිවන ලකුණු - Video

- කිරුළ ගෙනා පුරෝගාමියා අහිමිවන ලකුණු - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,481 Views
වසර 9 කට පසු නැවතත් ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශූරියන් බවට පත් කිරීමට වෙරදුන් පුහුණුකාරිනියට එම ස්ථානය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලන ව්‍යවස්ථාව අනුව වත්මන් පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ සේවා කාලය ලබන වසරේ ජනවාරි මසින් අවසන් වීම හේතුවෙන්.

තිලකා ජිනදාස පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර වගකීමට උර දෙන්නේ 2009 වසරේදී.

තම සාර්ථකත්වය මැනවින් විදහාපෑ ඇය එම වසරේදී ආසියානු ශූරතාව දිනා ගැනීමට කණ්ඩායම ශක්තිමත් කරනවා.

ක්‍රීඩා දේශපාලනයේ දැලි පිහියට හසුවන ඇයට ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරය අහිමි කරන්නේ ව්‍යවස්ථාව පෙරට දමමින්.

කල කිරීමට ලක්වන තිලකා ශ්‍රී ලංකාව අතහැර බෘෘනායි දේශයේ ජාතික දැල් පන්දු කණ්ඩායම පුහුණු කිරීමේ වගකීමට උර දෙනවා.

එදා මෙදා තුර වසර 9 ක් පුරා පුහුණුකාරිනියන් ගණනාවක් අතරේ මෙම තනතුර හුවමාරු වුවද ඔවුන් කිසිවෙකුටත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතාව දක්වා කැඳවාගෙන යාමට හැකිවූයේ නැහැ.

දිගින් දිගටම ලැබූ පරාජයන් හමුවේ ශ්‍රී ලංකා දැල් පන්දු බලධාරීන් නැවතත් තිලකා ජිනදාසගේ සේවය ඉල්ලා සිටිනවා.

ඒ අනුවයි මේ වසරේ ජනවාරි 15 වැනිදා සිට තිලකා නැවතත් ශ්‍රී ලංකා දැල් පන්දු සක්කානම අතට ගන්නේ.

විසිරී තිබූ කණ්ඩායම එක්කර ගන්නා ඇය වසර ගණනාවක් කෙනෙහිලිකම් හමුවේ ක්‍රීඩාවට සමුදී සිටි ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ ප්‍රභලතම ක්‍රීඩිකාව වන තර්ජිනී ශිවලිංගම්ව නැවතත් කණ්ඩායමට එක්කර ගන්නවා.

ඇයගේ මෙම තීරණයට කදිම පිළිතුරක් සපයන තර්ජිනී ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලානය දිනාගන්නේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසින්.

2009 වසරේ ශාපයම මෙවරත් තිලකාට එල්ලවීමේ අවධානමක් මතුව ඇත්තේ ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා දැල් පන්දු තරගාවලියට ඇයගේ සේවය අවිනිශ්චිතභාවයට පත් කරමින්.

ඒ, මෙරට දැල් පන්දු ව්‍යවස්ථාව අනුව ජාතික පුහුණුකරුගේ සේවා කාලය වසරකට කොටුකර තිබීම හේතුවෙන්.

කෙසේ නමුත් අප කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ තිලකා ජිනදාසගේ සේවා කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය පියවර හැකි ඉක්මනින් ගන්නා බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  61,489 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  68,534 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,071 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,976 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,695 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,783 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,780 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,004 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,476 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,697 Downloads



Top 10 Commenters

Latest Comments

Top