ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ වාර්ෂික උත්සවයක අරධිතයකු ලෙස පසුගියදා එක්වුණා.
සම ලිංගික සේවනය ඉන්දියාවේ අපරාධයක් නොවන බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා පිළිගත් පසුබිමකයි ඔහු මේ උත්සවය සදහා එක්ව තිබෙන්නේ.
මේ උත්සවයේ සමාරම්භයට එක්වෙමින් ගාම්භීර් කාන්තවන් භාවිතා කරන සළුවක් හිසේ දවටගනිමින් සංක්‍රාන්ති ලිංගිකයන්ට තමාගේ ඇති සහයෝගය පෙන්වා තිබෙනවා.
සංක්‍රාන්ති ලිංගිකයන්ගේ ශේමාරි සමාජය විසින් මේ උත්සවය සංවිධාන කර තිබුණා. මේ උත්සවයට එක්වෙමින් ගම්භීර් මේ පිරිස් සමග ඉතා සුහදව කතා බහ කරමින් ඡායාරුපවලට පෙනී සිටියේ ඉතා නිහතමානී ලෙසයි. ඊට බොහෝ පිරිස් වලින් ඔහුටප්‍රශංසාව හිමිව තිබුණා.