ගෑස් කාන්දුවිමකින් Leonel Rondon නමැති අවුරදු 18 ක තරුණයෙක් මරණයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. එම ගෑස් නලයක් කාන්දුවීම හේතුවෙන් තවත් 12ට බරපතල තුවාල සිදුව තිබෙන බවත් සදහන්. එම ගෑස් කාන්දුවීම කෙසේ වුවාද යන්න තවමත් සොයාගෙන නැති බවත් සදහන්. ගින්නෙන් මිය ගිය තරුණයාව Boston රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
එමෙන්ම එම තත්ත්වය හේතුවෙන් ගින්න හටගත් නිවස ආසන්නයේ තිබුණු තවත් නිවාස තුනකට විශාල ලෙස හානි සිදුව තිබෙන බවත් සදහන්. එම තත්ත්වය පාලනය කිරීම සදහා ගිණි නිවන හමුදාවේ උදව් ලැබීම හේතුවෙන් අනෙක් නිවාසවලට හානි සිදුවීම වැලකි තිබෙනවා. එම ස්ථානයේ තිබෙන නිවාසවල නිවැසියන් 70ක් පමණ ජිවත්වන බවත් සදහන්.