Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
"ආපහු ගෙදර යන්න බස් නොතිබුණොත් බස් හෝල්ට්වල පත්තරේ එලාගෙන නිදාගන්නවලු.." - අසනීප වූ ගායක ෂෙල්ටන් ගැන දියණිය කියයි

- "ආපහු ගෙදර යන්න බස් නොතිබුණොත් බස් හෝල්ට්වල පත්තරේ එලාගෙන නිදාගන්නවලු.." - අසනීප වූ ගායක ෂෙල්ටන් ගැන දියණිය කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,568 Views
"තාත්තා එයා එයාගේ ගීතවල අයිතිය මට පවරලා තියෙන්නේ.."

"තාත්තා දුක් මහන්සිවෙලා කරපු නිර්මාණ තව කාටවත් ජනප්‍රිය කරවන්න දෙන්නේ නැහැ.."

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේද ඔහුයි. ජේත්තුවට හැද පැළදගත් මෙම ආකර්ෂණීය තරුණයා ප්‍රසංග වේදිකාවට ගොඩවනතුරු නෙත් නොසලා බලා සිටි රසික රසිකාවියන් මෙපමණ යැයි කිව නොහැකිය. වසර තිස් අටක සංගීත ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියත්වයේ කිරුළ එකසේ දරාසිටින ෂෙල්ටන් මුතුනමගේ දැන් පසුවන්නේ අසනීප තත්ත්වයෙන්. මේ වන විටත් ඔහුට ආදරය කරන බොහෝ දෙනා ෂෙල්ටන් ගේ සුවදුක් විමසමින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහුගේ සුවදුක් විමසන්නට උත්සුක වන සහෝදර කලාකරුවන් හා හිතමිතුරන් ඔහුගේ නිවසට නිතර ගොඩවැදෙමින් සිටිනවා. ෂෙල්ටන් මේ වනවිට බලවත් අසනීප තත්ත්වයෙන් මදක් මිදී රෝහලේ සිට මීගමුව කුරණ පිහිටි ඔහුගේ නිවසට පැමිණ සිටිනවා.

ෂෙල්ටන් මුතුනමගේ උරුමය ඉදිරියට රැගෙන යෑමට සිටින ඔහුගේ එකම දියණිය වන වයංගා සිතාරි තම පියාණන් ගැන ඔහුගේ රසිකයන් වෙනුවෙන් කතාබහ කරන්න ඉදිරිපත් වුණේ මෙහෙමයි.

අප්‍රේල් මාසේ වනතුරු තාත්තා සංගීත ප්‍රසංග භාරගත්තා. අසනීප තත්ත්වය වරින් වර දැනුණත් තාත්තා ගේ එකම සතුට ගීත ගැයීම නිසා අපි ඒ ප්‍රසංග වල ගයන්න තාත්තාට ඉඩදුන්නා. මේ වනතුරුම තාත්තාට ප්‍රසංග වලට ඇරයුම් ලැබෙනවා. හැබැයි අපි දැන් තාත්තාව ප්‍රසංගවලට යවන්නේ නැහැ. තාත්තා බලාපොරොත්තුවෙන් ඉන්නේ ඉක්මණින් සුවවෙලා ගීත ගයන්න එන්නයි. තාත්තාට සනීප වුණහම අපි ඒ ගැන තීරණයක් ගන්නේ.

80 දශකයේ තමයි තාත්තා සිංදු කියන්න පටන් අරන් තියෙන්නේ. 2015 අවුරුද්දේ අපි මීගමුව ආවේමරියා ඔඩිටෝරියම් එකේ සහෝදර ශිල්පීන් පිරිවරාගෙන තාත්තා ගේ සංගීත දිවියේ 35 වැනි වසර සැමරුවා. මේ අවුරුදු තිස්අටටම තාත්තා ගීත 35 කට වඩා ගයනා කරලා නැහැ. අවුරුදු පහළොවක් විතර තාත්තා ක්ෂේත්‍රයේ රැදුණේ මුලින්ම ගයපු ගීත කිහිපයකින්. මගේ සිත සිහින විමන් ලොවම හඩා කියාවි” මේ දෙව් මැදුරේ” සමාව ඉල්ලා කියන ගීත වලින් තමයි තාත්තා මුලින්ම ජනප්‍රිය වෙන්නේ. ඊට පස්සේ තාත්තා ගයපු මහ සයුරේ ගැඹුරු දියේ ගීතයත් අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණා.

මෙම ගීතය තාත්තා විජය කුමාරතුංග අංකල් එක්ක යුග ගීතයක් විදිහට ගයන්නයි හදලා තිබුණේ. විජය අංකලූයි තාත්තයි කෝච්චියේ එකට කොළඹ ඉස්කොලේ ගිහින් තියෙන්නේ. පාසැල් කාලේ ඉදන් තාත්තයි විජය අංකලූයි සමීප යාළුවෝ. මහ සයුරේ ගීතය පටිගත කරන්න දවස් තුනකට කලින් විජය අංකල් ඝාතනයට ලක්වෙන්නේ. ඊට පස්සේ තාත්තා විජය අන්කල්ට ගයන්න නියමිත කොටසට කවුරුවත්ම නොගෙන තාත්තාම ගැයුවා. විජය අංකල් මියගිය මොහොතේ අපි හිටියේ කොළඹ මහ රෝහලේ ලෙඩෙක් බලන්න ගිහින්. ඒ වෙලාවේ රෝහලේ මහ කලබලයක් නිසා තාත්තා ගිහින් ඇයි කියලා අහලා තියෙනවා. කවුද කියලා තියෙනවා විජය කුමාරතුංගට වෙඩි තියලා කියලා. ඒ වෙලාවෙම තාත්තා ගිහින් විජය අංකල්ගේ දේහය බැලූවා. දැන් ඔය සීදුවේ විජය කුමාරතුංග රෝහල ඉදිරියේ තියෙන විජය කුමාරතුංග පිළිරුව හදලා තියෙන්නෙ කැලයක තියාගෙනලූ. ඒ කාලේ භීෂණ තිබුණ කාලයක්. ඒ රූපයේ හරි වැරදි බලන්න යන්න හැමෝම බයවුණාලූ. තාත්තයි තව කවුද එක්ක එතැනට ගිහින් ඒ රූපයේ නිවැරදි විය යුතු තැන් පෙන්වලා දීලා තියෙනවා.
 
සංගීත සංදර්ශන සම්බන්ධීකරණය ලංකාවට හදුන්වා දුන්නෙත් මගේ තාත්තා. එක දවසට තාත්තා සංගීත සංදර්ශන තුන හතර කරලා තියෙනවා. හරිම කරුණාවන්තයි. ජනප්‍රිය කෙනෙක් කියලා නැහැ. කෙනෙකුගේ ගෙදරක කුස්සියට ගිහින් බත්කටක් බෙදාගෙන කන්න තරම් නිහතමානීකමක් තාත්තා ළග තියෙනවා. ගෙදරදී නම් තාත්තාට ඉක්මණින් කේන්ති යනවා. හැබැයි ඉක්මණින්ම ඒ කේන්තිය නිවෙනවා. සංගීත ලෝකයේ තැනකට එන්න තාත්තා මුල් කාලේ ගොඩක් දුක්විදලා තියෙනවා. තාත්තා කියනවා ඒකාලේ සංගීත සංදර්ශනයකට යද්දි පත්තරයකුත් අරන් යනවලූ. ඒ පත්තරය අරන් යන්නේ කියවන්න නම් නෙමෙයි” සංගීත සංදර්ශන ඉවර වෙන්නේ මහ රෑ නේ. ආපහු ගෙදර යන්න බස් නොතිබුණොත් බස් හෝල්ට්වල ඒ පත්තරේ එලාගෙන නිදාගන්නයි. යුද්දෙ තියෙන කාලේ තාත්තා ලංකාවේ හැම තැනකම යුධ හමුදා කදවුරුවලට ගිහින් ගීත ගැයුවා. ගොඩක් ගායකයෝ ඒ කාලෙ යුද භීෂණය තිබුණ ප්‍රදේශවලට යන්න බයවුණා. අපිත් තාත්තා ඒ ප්‍රදේශවලට යනවට බය වුණා. ඒත් තාත්තා අපි ඒ අය වෙනුවෙන් ගිහින් සිංදු කියන්න ඕනෑ කියලා ඒ පළාත්වලට ගියා.
 
 
මගේ ගායන හැකියාව තිබුණාට මම ගායනයට එනවාට තාත්තා කැමැති වුණේ නැහැ. මොකද තාත්තා ගොඩක් දුක් මහන්සිවෙලානේ ක්ෂේත්‍රයේ නමක් දිනාගත්තේ. මටත් ඒ දුෂ්කරතා විදින්න වෙනවාට තාත්තා කැමැති වුණේ නැහැ. තාත්තා එයා එයාගේ ගීතවල අයිතිය මට පවරලා තියෙන්නේ. තාත්තාගේ ඒ ගීත වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්න මට පුළුවන්. අපි ජීවත් කළේ... මට අකුරක් හරි ඉගැන්නුවේ අපි අද මේ තත්වයෙන් ඉන්නේ තාත්තා ඒ ගීත කියලා හම්බකළ දෙයින්. මම ඒ දේවල්වලට අගෞරවයක් කරන්නේ නැහැ. ගොඩක් අය දැන් තාත්තා සිංදු කියන්නේ නැහැ නේද අහලා මේ ගීත ඉල්ලනවා. හැබැයි මොනම හේතුවක් නිසාවත් තාත්තා දුක් මහන්සිවෙලා ජනප්‍රිය කරපු නිර්මාණ තව කාටවත් ජනප්‍රිය කරවන්න දෙන්නේ නැහැ. එයාල කියන්නේ තාත්තගෙ ගීත ජනප්‍රිය කරවනව කියලා. තාත්තාගේ සිංදු කවුරුවත් ජනප්‍රිය කරන්න ඕනෑ නැහැ. ඒ ගීත තාත්තා ජනප්‍රිය කරලා තියෙන්නේ.

මේ මෑතක ගොඩක් ජනප්‍රිය කෙනෙක් තාත්තාගේ ගීතයක් ඉල්ලූවා. නමුත් මම කාටවත් තාත්තාගේ ගීත දෙන්නේ නැහැ. මම හිතන්නේ මම අරන් තියෙන්නේ ආත්මාර්ථකාමී තීරණයක් නෙමෙයි කියලා. මේ වෙද්දි තාත්තා කරගෙන ගිය සංගීත සංදර්ශන සම්බන්ධීකරණ කටයුතු මම ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. අනාගතයේ දවසක අපේ උරුමය ඉදිරියට ගෙනියන්න මම ගායනයට එන්නත් ඉඩ තියෙනවා. තවම ඒවා තීරණය කරලා නැහැ. දැනට අපි උත්සාහ කරන්නේ තාත්තාව සුවපත් කරගන්නයි.

තාත්තා හරිම ආසයි යාළුවෝ එයාව බලන්න එනවාට. පුදුම යාළුවෝ ගොඩක් තාත්තාට ඉන්නේ. තාත්තා අසනීප වුණ වෙලාවේ හැමෝම එකාවගේ එකතුවෙලා උදව් කළා. මුලින්ම තාත්තා අසනීප තත්වයක් ගැන දැනගෙන හිටියේ නැහැ. පස්සේ පරීක්ෂණයකට ගිය වෙලාවෙයි මේ ගැන දැනගෙන තියෙන්නේ. මුලින්ම අපි පුද්ගලික රෝහලකටයි තාත්තාව අරගෙන ගියේ. එතැනින් අපිට කිව්වා තාත්තාව රජයේ රෝහලකට අරගෙන යන්න කියලා. ඒ අනුව අපි තාත්තා කොළඹ මහ රෝහලට ඇතුළු කළා. එතැනින් සුවපත් වෙලා තාත්තා ගෙදර ඇවිත් ඉද්දි ආයෙත් අසනීප වුණා. නැවතත් තාත්තාව මීගමුව රෝහලට ඇතුළු කළා. ඒ අවස්ථාවේ වෛද්‍ය මහේන්ද්‍ර ඇතුළු සියලූම කාර්ය මණ්ඩලයම තාත්තාට ගොඩක් උදව් කළා. මේ වෙද්දි අපි සති දෙකකට වරක් තාත්තාව පුද්ගලික රෝහලකට ගෙනිහින් ප්‍රතිකාර කරනවා. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ තාත්තාට ඉක්මනින් සුවපත් වෙන්න කියලා ආශිර්වාද කරන්න කියලයි.

හැමෝටම ආදරය කරපු හැමෝගෙම හිත්වල ආදරය පුරවපු මගේ තාත්තාගේ කටහඩ ආයෙමත් රසිකයන්ට විදින්න සලස්වා දෙන්න උපරිම උත්සාහයක් ගන්නවා.

ධම්මිකා සුරංජි පතිරණ

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  497 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,917 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  877 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  324 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,067 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,970 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,798 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,587 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,607 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,367 Downloads



Top 10 Commenters

Latest Comments

Top