Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
මීනි පෙට්ටිය, මිනී වළ සහ මළ ගෙදර අවට ප්‍රදේශය පැය විසිහතර පුරා කැමරා කළ මධූෂ්ගේ පියාගේ අවමංග්‍යයේදී පාතාලය දැමූ තවත් සෙල්ලම් හෙළිවෙයි

- මීනි පෙට්ටිය, මිනී වළ සහ මළ ගෙදර අවට ප්‍රදේශය පැය විසිහතර පුරා කැමරා කළ මධූෂ්ගේ පියාගේ අවමංග්‍යයේදී පාතාලය දැමූ තවත් සෙල්ලම් හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,059 Views
සියලු දර්ශන අන්තර්ජාලයෙන් නරඹන්න යවලා..
කෑමත් උසස්ම විදිහට සපයලා..
 
මාකඳුරේ මධුෂ් හෙවත් සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නමැති මෙරට 491ක් වන සියලු පොලිස් ස්ථානවල අපරාධකරුවන්ගේ නාම ලේඛනයේ ඉහළින්ම සටහන් වන නාමයකි.
 
පසුගිය 22 වැනි දා සවස තුනයි හතළිස්පහට පමණ කළුතර වස්කඩුවේ ගාලු පාරේ දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළේ සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන් නමැති 62 හැවිරිදි පුද්ගලයෙකි. දින හයක් පුරා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 28 වැනිදා සවස හතරයි හතළිස්පහට පමණ ලක්ෂ්මන් මියගියේ සිදුවූ අනතුරේ ප්‍රතිඵලයක් ලෙසිනි.

එසේ මරුමුවට පත්වූ සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන් ගැන සොයා බැලූ කළුතර උතුර පොලිසියට සමරසිංහ ආරච්චිගේ යන නාමයේ යම් ආකාරයක හුරුපුරුදු බවක් දිස්වී තිබිණි. ඒ අනුව එම නාමය ගැන වැඩිදුරටත් සොයා බැලීමට කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස පොලිස් බුද්ධි අංශවල සහ පාතාල මර්දන ඒකකයන්ගේ සහාය පැතීය. අනතුරුව එම ඒකකයන්ගෙන් ස්ථිර ලෙසම අනාවරණය වූයේ මියගිය තැනැත්තා මාකඳුරේ මධුෂ්ගේ පියා බවයි.
 
මධුෂ් අපරාධකාරයෙකු වුවත් ඔහුගේ පියා අහිංසක පුද්ගලයෙකි. ලක්ෂ්මන් එලෙස අකල් මරණයකට ගොදුරු වූයේ කළුතර වස්කඩුව ප්‍රදේශයේදීයි. තම වැඩිමහල් සහෝදරියකගේ අවමංගල්‍යයකට සහභාගි වී සිටියදී ගාලු කොළඹ මාර්ගයේ, පාර මාරුවීමට යාමේ දී ලොරි රථයක ගැටීමෙන් ලක්ෂ්මන් එසේ අනතුරට ලක්විය.
 
පසුව ලක්ෂ්මන්ගේ මෘතශරීරය බාර ගැනීමට නාගොඩ රෝහලට පැමිණ තිබුණේ ඔහුගේ දෙවන කසාදයේ පුතෙකු යැයි පැවැසූ අයෙකි. ඔහු මරණ පරීක්ෂණයේදී පවසා තිබුණේ තම සහෝදරයා වූ මධුෂ් කිසිදු දිනෙක දැක නැති බවකි. ලක්ෂ්මන්ගේ පොඩි පුතා විසින් මෘත ශරීරය බාර ගෙන අවසන් කටයුතු සඳහා රැගෙන ගොස් තිබුණේ සූරියවැව, ඇඹිලිපිටිය පාරේ, විහාරගල හන්දියෙන් හැරී අලිඔළු පාරේ මඳ දුරක් ගිය තැන හමුවන නිවෙසකටයි. එම නිවෙස ලක්ෂ්මන්ගේ බාල සහෝදරයාගේ නිවෙස බවට සැලවේ.
 
මධුෂ්ගේ පියා ගේ ගම් ප්‍රදේශය සූරියවැව වූවත් ඔහු මෑත කාලයේ ජීවත් වී සිටියේ කඹුරුපිටිය මාකඳුර ග්‍රාමයේය. මාකඳුරේ කාන්තාවක වූ මධුෂ්ගේ මව සමඟ හැත්තෑව දශකයේ මුලදී විවාහ වූ ලක්ෂ්මන් එම විවාහයත් සමඟින් සූරියවැවෙන් මාකඳුරට සංක්‍රමණය වී ඇත. ඔවුන් දෙදෙනාට දාව මධුෂ් සමඟ තවත් පුතෙක් විය.
 
මධුෂ්ට වයස අවුරුදු අටක් පමණ වෙද්දී ඔහුගේ පියා වූ ලක්ෂ්මන් මාකඳුරේම වෙනත් කාන්තාවක හා දීග කෑමට පටන් ගත්තේය. ඒ සමඟම මධුෂ් සහ ඔහුගේ සහෝදරයාගේ එකම පිහිට වූයේ තම මව පමණි. මධුෂ්ගේ මවද 88-89 භීෂණ සමයේ වූ එක්තරා සිදුවීමකදී මරණයට පත්වූ අතර තම සහෝදරයා ද නොසිතූ ලෙස ඝාතනය වීම නිසා මධුෂ් මෙලොව තනිවී ඇත.
 
පසුව මධුෂ් හදා-වඩාගෙන තිබුණේ තම මෑණියන්ගේ සහෝදරියක වූ මධුෂ්ගේ පුංචි අම්මා කෙනෙකු විසිනි. 2006 ජූනි 11 ෙපාෙසාන් ෙපා්දා කඹුරුපිටියේම විසූ හිටපු පළාත් සභා අමාත්‍යවරයකු වූ ඩැනි හිත්තැටියගේ ඝාතනයෙන් මධූෂ් පාතාලයේ නමගිය අපරාධකාරයෙක් බවට පත් විය.
 
ඒ අතරේ වෙනත් විවාහයක් කරගත් ලක්ෂ්මන්ට දාව දියණියක සහ පුතෙකුද මෙලොව එළිය දුටු අතර මේ වන විට එම දරුවෝ ද උස්මහත්වූවෝය. නාගොඩ රෝහලට පැමිණ ලක්ෂ්මන්ගේ මෘත ශරීරය සූරියවැවට රැගෙන ගොස් තිබුණේ එම විවාහයේ පුත්‍රයා විසිනි. ඔහු විසින් ලක්ෂ්මන්ගේ දේහය මෑත කාලයේ ලක්ෂ්මන් ජීවත් වූ මාකඳුරට රැගෙන නොගොස් සූරියවැවට ගෙන ගියේ මධුෂ්ගේ ‘ප්ලෑනක්’ අනුව විය හැකියැයි පොලිස් බුද්ධි ඒකකවල සැකයට භාජනය වී තිබේ. මළගෙදර පැවැති දින කීපයේ කළ කී දෑ අනුව පිළිබිඹු වූයේ මියගිය පුද්ගලයාට ගෞරව කරනවාට වඩා මළගෙදර සියලු කටයුතු මෙහෙයවූ අදිසි හස්තයක ප්‍රතිරූපය ලෝකයාට පෙන්වීමට ගත් උත්සහායක් බවයි.
 
මළ ගෙදර පැවැති ප්‍රදේශයේ අවට අයට මුලින් මියගිය පුද්ගලයා හෝ එම මළ ගෙදර ගැන එතරම් හා-හූවක් හෝ විශේෂයක් නොවිණි. පසුගිය 29 දා නිවෙසට ගෙනගිය මරණය පළමු වැනිදා දක්වා දින කීපයක් නිවෙසේ තැන්පත් කර තිබිණි. මුලින් සාමාන්‍ය මළගෙදරක ආකාරයෙන් පැවැතියත් 31 වැනිදා වෙද්දී මරණ ගෙදර ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට පටන්ගෙන තිබිණි. ඒ අනුව මුලින්ම මරණ ගෙදරට පැමිණෙන පිරිසට ප්‍රණීත ආහාරපානවලින් සංග්‍රහ කෙරිණි. සූරියවැව දුෂ්කර පළාතක අහිංසක ගම්වාසින්ගේ මරණ ගෙදරකට නුහුලන ගණයේ අධික මිලකින් යුත් මිනී පෙට්ටියක දේහය බහා තිබිණි. නිවෙසේ තබා තිබූ ස්ථානයේ හතර කොනින් සවි කර තිබූ වීඩියෝ කැමරා හතරක් මඟින් මරණයට බුහුමන් දැක්වීමට පැමිණෙන සියලු දෙනා ඇතුළු සියලු දසුන් විසිහතර පැයේම වීඩියෝගත කර තිබුණේ මරණය භූමිදානයට රැගෙන යන මොහොත දක්වා ම ය.
 
ඊට අමතරව එසේ වීඩියෝ ගත වන දසුන් තැනින් තැන සවි කොට තිබූ වයිෆයි රවුටර්ස් කීපයක් මඟින් අන්තර්ජාලයට මුදාහරින ලදැයි සිතන බවද මළ ගෙදරට සහභාගි වූවන්ගෙන් වාර්තා විණි. ඒ අනුව මළගෙදර සියලු තොරතුරු ඩුබායිහි සිට මධුෂ් නරඹන්නට ඇතැයි සැක කෙරේ.
 
ඇතුළත දර්ශනවලට අමතරව මරණ ගෙදර සියලු වටපිටාව ද ඩ්‍රෝන කැමරා මඟින් අඛණ්ඩවම වීඩියෝගත කර තිබිණි. එසේම දේහය භූමිදානය කිරීමට යොදාගත් මිනී වළ සැකැසූ ස්ථානයේද ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන වීඩියෝගත කර තිබිණි. එම ඩ්‍රෝන කැමරාවට අවැසි විදුලි බලය ලබාගැනීමට මිනී වළ සැකැසු ස්ථානයට විදුලිය නොමැති හෙයින් ඒ සඳහාද සෝලා පවර් පැනලයක්ද සවි කර තිබී ඇත.
 
පළමු වැනිදා සවස් යාමයේ ලක්ෂ්මන්ගේ දේහය නිවෙසින් පිටතට ගෙන භූමිදානයට රැගෙන යෑමට සැරැසෙද්දී සූරියවැව අවට සතරදිග්භාගයේ කිසිදු ගම්වැසියෙකු සියැසින් නොදුටු දසුනක් දැකගැනීමට ලැබුණේ ක්ෂණිකවම පැමිණි හෙලිකොප්ටර් යානයක් නිසායි. එසේ පැමිණි යානය දේහය රැගත් පෙරහර නිවෙසින් පිටත්වීමට සැරැසෙනවාත් සමඟම පොල් ගස්වල කරටි ආසන්නයෙන්ම පියාසර කරමින් මල් වරුෂාවක් පතිත කළේ ඒ පළාත් වැසියන් කිසිදු දිනෙක නුදුටු දසුනක් මවාපාමිනි. එසේ දේහය වළ තුළ තැන්පත් කරන තෙක්ම යානයෙන් දහස් ගණනක මල් වරුෂාවක් පතිත වූයේ ප්‍රභූවරයකුගේ අවමඟුල් උත්සවයක සේයා මවමිනි.
 
එහෙත් එසේ බුහුමන් ලබමින් අවසන් ගමන් ගිය ලක්ෂ්මන් යනු ජීවත්ව සිටිය දී හරිහමන් රැකියාවක් හෝ නොමැතිව අනේක දුක් විඳිමින් ජීවිකාව ගෙන ගිය තැනැත්තෙකි. ඔහුට මියගිය පසු එලෙස දේහයට බුහුමන් දක්වමින් අත දිගහැර මුදල් වියදම් කළේ කවුරුන්ද යන්න ප්‍රහේලිකාවකි.
 
එහෙත් ලක්ෂ්මන්ගේ වැඩිමහල් පුත්‍රයා වූ මධුෂ් යනු රටේ නම ගිය අපරාධ සිදු කරමින් ලක්ෂ කෝටි ගණන් මුදල් අයථා ලෙස උපයමින් ඩුබායි රටට පැන ‘සුපිරි’ ජීවිතයක් ගත කරන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.
 
ඔහුගේ ප්‍රතිරූපය ඔප්නංවා ගැනීමට තම පියාගේ අවමඟුල දඩමීමා කරගත් මධුෂ් ලක්ෂ්මන්ගේ අවසන් කටයුතු සූරියවැව සිදු කිරීමට තීන්දු කරන්නට හේතු වූයේ ද තම ප්‍රතිරූපය පෙන්වීමට විය හැකි බවට සාධාරණ සැකයක් මතුව තිබේ. ඒ ලක්ෂ්මන්ගේ අවසන් කටයුතු මාකඳුරේ පැවැත්වූවා නම් එම ප්‍රදේශයේ තිබෙන කඳු සහිත භූමිය නිසා ඇතැම් විටෙකදී ගුවන් යානයකින් මෙවන් පෙළහරක් පෑමට නොහැකි වීමටද ඉඩ තිබු හෙයිනි.
 
හෙලිකොප්ටර් යානය ලබාගෙන තිබුණේ ද කොට්ටාවේ දිනේෂ් නමැති අයෙකි. ක්‍රෙඩිට් කාඩ්පතකින් මුදල් ගෙවා වෙන් කරවා ගත් එම යානය මාකඳුරේ මධුෂ්ගේ පියාණන්ගේ අවමඟුල් කටයුතු වෙනුවෙන් වෙන් කරගත් බව දැන නොසිටි බව යානය සැපයූ ආයතනයේ නිලධාරියෙකු මාධ්‍යයට කියා තිබිණි.
 
මධුෂ්ගේ අපරාධ ක්‍රියා නිසා කිහිප විටෙකදීම ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණු අවස්ථාවල ඇප දීමට ඉදිරිපත් වූයේ ලක්ෂ්මන්ය. එවැනි අවස්ථාවල මධුෂ් විසින් අධිකරණය මඟ හැරීම නිසා ලක්ෂ්මන්ට ද බන්ධනාගාරයේ කූරු ගනින්ට සිදුවූයේ වරක් දෙවරක් නොවේ.
 
එසේ පසුගිය අප්‍රේල් මාසයේ දිනෙක ද ලක්ෂ්මන්ට බන්ධනාගාරයේ ලගින්නට වූයේ 2005 වර්ෂයේ දී මධුෂ් විසින් මීගමුවේ දී කළ සොරකමක් සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට සහභාගි නොවී මඟ හැරීම නිසා ඇපකරුව අත්අඩංගුවට ගැනීම නිසායි.
 
එසේ ජීවත්ව සිටියදී තමාගේ දාමරික ක්‍රියා නිසා දහදුක් විඳි පියා ගැන මියගිය පසු උපන් ශෝකය ප්‍රකාශ කිරීමට මධුෂ් විසින් එවන ලදැයි හැෙඟන ශෝක පණිවිඩයක් මළගෙදර ඩිජිටල් බැනරයක සහ භූමිදාන මොහොතේ බෙදු ශෝක ප්‍රකාශ පත්‍රිකා කිහිපයක අකුරු කර සටහන් වී තිබිණි.
 
අමිල මලවිසූරිය
Make a Comment
Make a Comment






Recent Gossip Post




Aralu Buralu - Dinesh K
Aralu Buralu
Dinesh K
⤵  332 Downloads

Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,163 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,041 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  3,135 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,391 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  4,220 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  10,131 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,713 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,230 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,916 Downloads



Top 10 Commenters

Latest Comments

Top