ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළ යනු ඇති.
එහි නව මිල වන්නේ රුපියල් 149 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 4 කින් වන අතර එහි නව මිල රුපියල් 161 ක්.
ඔටෝ ඩීසල් ලීරයක මිල රුපියල් 5 කින් ඉහළ නැංවුනා.
එහි නව මිල රුපියල් 123 ක්.
රුපියල් 130 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 133 ක් වන ලෙසට රුපියල් 3 කින් ඉහළ නංවා තිබෙනවා.
ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුකූලව මිල සංශෝධනය කෙරෙන ඉන්ධන මිල තීරණය කරන කමිටුව අද පස්වරුවේ රැස්වුණා.
එහිදීයි නව මිල ගණන් පිළිබඳ තීරණයට එළඹී ඇත්තේ.
සෑම මසකම 10 වන දා මෙම කමිටුව රැස්වන අතර එහිදී ඉන්ධන මිල යළි වැඩි කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ඇති.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය වූයේ පසුගිය අගෝස්තු මස 10 වනදායි.
එදින ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ දැමුණා.