ඇමරිකාවේ පොලිස් නිලධාරීන් 12 හැවිරිදි දරුවෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එම දරුවා ක්ලීව්ලන්ඩ් නගරයේ පිස්තෝලයක් අතැතිව පුද්ගලයින් බිය වද්දමින් ගමන් කර ඇති බවයි. පසුව ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා.
එහිදී පොලීසිය දරුවාට විවිධ උපක්‍රම යොදාගනිමින් පිස්තෝලය ඉවත් කරන්නට දැනුම්දී ඇති අතර ජනතාව වෙත පිස්තෝලය දිගු කරමින් වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය දරුවාට වෙඩි තබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ දරුවාගේ අතේ තිබී ඇත්තේ ව්‍යාජ පිස්තෝලයක් බවයි. මේ වන විට අදාල ළමයා විසින් ව්‍යාජ පිස්තෝලය පෙන්වමින් පාරේ ගමන් ගන්නා පිරිස බිය කරන ආකාරය දැක්වෙන CCTV වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.
එම වීඩියෝව පහතින්...