තඹුත්තේගම නගරයේ පවත්වාගෙන යන රේස් බයි රේස් සූදු ඔට්ටු තබන මධ්‍යස්ථානයකට ඇතුළු වූ ස්වාමින්වහන්සේලා පිරිසක් එහිදී එම මධ්‍යස්ථානයට විරෝධය පළ කොට ඇති බවට වාර්තා වෙනවා.
ඒ, සතියක් ඇතුළත එම මධ්‍යස්ථානය වසා දමන ලෙසට බල කරමින්. මෙම රේස් බයි රේස් සූදු ඔට්ටු මධ්‍යස්ථානයට ස්වාමින්වහන්සේලා ඇතුළු වුණේ පසුගිය 26 වනදා පස්වරුවේයි. ඒ සදහා රාජාංගනය, තඹුත්තේගම, තලාව, එප්පාවල ප්‍ර දේශවල විහරස්ථානයන්හි විහාරාධිපති ස්වාමින්වහන්සේලා සහ දහම් පාසල් ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේලා එක්ව සිටියා.
ඒ අවස්ථාවේදි මධ්‍යස්ථානයේ සිටියේ කළමනාකරු සහ එක් සේවකයෙක් පමණයි. ඔවුන් දෙදෙනාට හට ස්වාමින්වහන්සේලා මේ පිළිබද විරෝධතාවය ප්‍රකාශ කලේ පහත අයුරිනුයි.
-ව්‍යාපාරයක් හරි මොකක් හරි මෙහෙ කරනවානම් අවසරයක් ගන්න තියෙනවානේ. එහෙම මොනව හරි තියෙනවාද?
-නැහැ එහෙම මොනවත් නැහැ. මෙහෙ ප්‍රාදේශීය සභාවෙන් බලපත්‍ර දීලා නැහැ. අපි ලියුම් භාරදීලා තියෙනවා දෙන්න කියලා. අපේ ආයතනය දැනුම් දීලා තියෙන්නේ. ආයතනයෙන් තමයි කරන්නේ.
-කවුද ආයතනය?
- තිලංග සුමතිපාල මහත්තයාගේ.
-කවදාක්වත් තිලංග සුමතිපාල එයාගේ දරුවෝ මේවට යොමු කරන්නේ නෑනේ. ඔබතුමාගේ දරුවෝ කවදාවත් මේවට යොමු කරන්නේ නැහැ. දන්නවා මේකෙන් මේ අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් ටික තමයි මෙතන ඇවිල්ලා කරන්නේ. තිලංග සුමතිපාලට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පඩියක් දෙනවා ඇති. නමුත් මේ මුදල් යන්නේ කොහාටද? තිලංග සුමතිපාල රජයේ පැත්තේ ඉන්න නිසානේ දැන් මේ ඔක්කොම ටික අරගෙන යන්නේ ඕන තැනක මේක ස්ථාපිත කරන්න පුළුවන් කියලත් දන්නවා.
මෙහි සම්පූර්ණ විඩියෝව පහතින්....