උස් තැන් වලට නගින්න කැමති අය අපි අතර ඕනි තරම් ඉන්නවා. ඒ වගේම ඔය උස්තැන් වලදී බිමවත් බලන්න බැරිව ඇස් පියාගෙන ඉන්න අය නම් ඒ තැන් වල ඉඳන් කියන්නේ මම නම් ආයේ කවදාවත් මෙතෙන්ට එන්නේ නෑ කියලා.
ඔය එක එක අයගේ විවිධ කියමන් අතරේ මීටර් 280ක් උස ගොඩනැගිල්ලකට නැගපු අපූරු පුද්ගලයෙකුගේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා කා අතරත් කතා බහට ලක්වෙමින් පවතිනවා. මෙම වීඩියෝවේ විශේෂත්වය වන්නේ මොහු විසින් එම අතිශය ත්‍රාසජනක ගමන වීඩියෝ ගත කරමින් ගොඩනැගිල්ල තරණය කිරීමයි.
අවස්ථා 4කට ඔහු තරණය කල ගොඩනැගිල්ල පිළිබඳව අදාල වීඩියෝවේ සටහන් කර ඇති අතර පළමු මීටර් 20ක උස ඔහු තරණය කරන්නේ කේබල් කීපයක් ආධාරයෙන් පමණයි.
ඊළඟ මීටර් 35දී ඔහු ඉණිමඟක් ආධාරයෙන් ගොඩනැගිල්ල තරණය කරන නමුත් එහි ආරක්ෂිත වළල්ලක් නොමැත.
ඉතිරි මීටර් 220දී ඔහු ආරක්ෂිත වළල්ලක් හා ඉණිමඟ ආධාරයෙන් ගොඩනැගිල්ල තරණය කරන නමුත් එහි ගිමන් හැරීමට හෝ වාඩිවී සිටීමට ස්ථානයක් නොමැත. සියල්ල අවසානයේ ගොඩනැගිල්ලේ ඉහළටම ගමන් කරන ඔහු එහි සිටගනිමින් එහා මෙහා සැරිසන්නේ කිසිදු ආරක්ෂිත වැටක් හෝ නොමැතිවයි. වේගවත් සුළං හමාඑන ස්ථානයෙක් වන මෙහි එහා මෙහා ඇවිදමින් යන අයුරු දකින ඕනැම අයෙකුට ඇඟ කිලිපොලා යනු නොඅනුමානයි.
රුමේනියාවේ පුද්ගලයෙක් විසින් අන්තර්ජාලයට නිකුත් කර ඇති එම වීඩියෝව පහතින් නරඹන්න...