අසරණ වූ කලාකරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘‘කලා සවිය“ වැඩසටහනේ තවත් පියවරක් පසුගිය සෙනසුරාදා ක්‍රියාත්මක කෙරුණා.
ඒ යටතේ මෙවර මූල්‍ය පරිත්‍යාගය සිදු කෙරුණේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රේමදාස විතානගේ මහතා වෙනුවෙන්..
වේදිකාව, රූපවාහිනිය සහ සිනමාවේ විවිධාකාර රංගන භූමිකාවන්ට ජීවය දුන් මේ වනවිට පිළිකාවකින් පීඩා විඳින ප්‍රවීණ රංගන ශිල්පි ප්‍රේමදාස විතානගේ මහතාගේ සුවදුක් විමසීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා පසුගියදා මහරගම පිළිකා රෝහලට පැමිණියා.
එහිදී දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන කලා සවිය වැඩසටහනින් ප්‍රේමදාස විතානගේ මහතාට මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළා.
එම අවස්ථාවේදී රංගන ශිල්පී ප්‍රේමදාස විතානගේ මහතා දැක්වූ අදහස් පහතින්
"දුමින්ද සිල්වා මහත්තයා මට බොහෝම හිතවත්. එතුමා කලාකාරීන්ට බොහෝම උදව් කරනවා. එතුමට බොහොම පිං මේ කරන දේවල්වලට. මුදලුත් අරගෙන එතුමා බලන්න ආවා. මට දුරකතනයෙනුත් කතා කෙරුවා කීප විටක්ම. එතුමා කලාකාරයින්ට බොහොම කැමතියි. එතුමා කරන මේ සේවය ඉතාමත් අගය කරනවා කලාකාරයෙක් වශයෙන්."
සම්පූර්ණ වාර්තාව පහතින් බලන්න