කලා ලොවේ කලින් කලට අමුතු අමුතු කටකතා පැතිරෙනවා. තාම ඔබට මේ කතාවනම් ආරංචිවෙලා නැතිව ඇති. හැබැයි අපේ කණට නම් වැටුනා. සාමාන්‍යයෙන් නිළියක් වුනාම ලස්සනට ඉන්න ඕනි...
සම පැහැපත්ව තියාගන්න ඒ අය බෙහෙවින් අවධානය යොමු කළත් මේ කියන්න යන ආරංචිය නම් ටිකක් වෙනස් එකක්.
නව පරපුරේ ජනප්‍රිය නිළි ශේෂාද්‍රි ප්‍රියසාද් සම පැහැපත් කරගන්න උපකාරී වන ඉස්තරම් වර්ගයේ Cream බෝතල් 10,000ක් එකවර අරගෙනලු. විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන ආකාරයට දැනටමත් ශේෂාද්‍රි මේ තොගයම සුරක්ෂිතව ගබඩා කරල තියාගෙන ඉන්නවලු.
මෙච්චර කාලෙකට ගෑණූ ළමයි ඕනාවටත් වඩා පොදි ගහගත්තේ ඇඳුම්, රත්තරං බඩු වගේ දේවල් විතරයි. ශේෂාද්‍රි ඇයි මේ ක්‍රීම් බෝතල් 10,000 ක් එක පාර ගත්තේ ? මේක කාටත් ප්‍රශ්නයක් !