ලොව රටවල දත්ත සොරාගත හැකි දියුණු තාක්ෂණය භාවිතා කර නිපදවූ පරිගණක මෘදුකාංගයක් පිළිබඳ තොරතුරු සයිමැන්ටෙක් නැමති පරිගණක ආරක්ෂණ සමාගම හෙළි කරගෙන තිබෙනවා. ඔවුන් මෙම පරිගණක මෘදුකාංගය නම්කර ඇත්තේ රෙජින් ලෙසයි.
මෙම පරිගණක මෘදුකාංගයට පරිගණකයකින් මකා දමන ලද තොරතුරු මෙන්ම ඒවාට යොදන රහස්‍ය අංක ඇතුලූ තොරතුරු රැසක් සොයාගැනීමේ හැකියාව පවතිනවා. සයිමැන්ටෙක් ආයතනය පවසන්නේ මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ පුද්ගලයෙකු නොව කිසියම් බලගතු රටක් බවයි.
එය වසර 6 ක් තිස්සේ ලොව රටවල දත්ත සොරාගැනීම සිදුකර ඇති බවද ඔවුන් ප්‍රකාශ කළා. විශේෂයෙන් මෙම මෘදුකාංගය අනුසාරයෙන් සෞදි අරාබියාව, රුසියාව වැනි රටවල දත්ත සොරාගෙන ඇති බවයි සයිමැන්ටෙක් ආයතනය ප්‍රකාශ කළේ.