Selena Gomez කාලෙම කටහඩ නිසා ලෝකයේම අවධානය ගත් සුරූපී ගායිකාවක්. Francia Raisa කියන්නේ ඇයගේ හොදම මිතුරිය. ඇමරිකාවේ ඉන්න ජනප්‍රිය නිලියක්.
මේ මිතුරියගේ වකුගඩු බද්ධ කිරීමක් වෙනුවෙන් ඇය සමග රෝහල්ගත වෙන්න තරම් Selena Gomez නිහතමානී වුණා. ඒ වගේම තමයි සෙනසුරාදා ඇයගේ හොදම මිතුරියක් වූ Courtney Barry ගේ උපන්දිනය වෙනුවෙන් ඇය පුදුම කිරීමක් කරලා ඒ තමයි ඇය වෙනුවෙන් ටැටූ එකක් ගැසීම.
ඇයට අමතරව ඇයගේ මිතුරියන් තිදෙනාත් ටැටූ අයිස් ක්‍රීම් මෙන්ම පිට්සා කා විනෝද වෙලා. එහි එක ඡායාරූපයක් ඇය instagram හි පලකරලා. ඒ සදහා මිලියන 140ක් අදහස් පල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. මෙවැනි පුදුම කිරීම් කළ Selena Gomez වත් පුදුමයට පත් වෙලා. ඒ ඇයගේ කුඩා කල වීඩියෝවක් දැකීමෙන්. එම වීඩියෝව 1997 වර්ෂයේ වීඩියෝගත කළ එකක් කියලත් කියනවා.