තරුණ තරුණියන් ළඟ තිබූ සොයාගත් දේ..
ගල්කිස්ස ප්‍රදේශයේ මුහුදු වෙරළේ පැවති සාදයක් අතරතුර සිදු කල වැටලීමකින් තරුණ තරුණියන් 28 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
පොලිසිය විසින් උපක්‍රමශිලිව මෙම සාදයට ඇතුල්වී සිදුකළ මෙහෙයුමෙන් අවුරුදු 20 සිට 30 දක්වා වයසේ තරුණ තරුණියන් 27 දෙනෙක් සහ අවුරුදු 45ක් පමණ වයසැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස ළඟ තිබී ගංජා, මත් පෙති සහ නීතිවිරෝධී සිගරට් ලග තිබී සොයා ගැනීමට පොලිසියට හැකිවුණා.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අද (20) දිනයේදී ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වෙරළ සාදය මුහුණු පොත හරහා සංවිධානය කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි පොලිසිය සදහන් කරනවා.