Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
20
"එයාගේ අම්මා ජනප්‍රිය නිළියක් කියලා දැනගෙන තමයි ආදරයට යෝජනා කළේ .." - ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය පෙම්වතිය ගැන මුල්වරට හෙළි කරයි - Exclusive

- "එයාගේ අම්මා ජනප්‍රිය නිළියක් කියලා දැනගෙන තමයි ආදරයට යෝජනා කළේ .." - ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය පෙම්වතිය ගැන මුල්වරට හෙළි කරයි - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

65,342 Views
"මම එයාට ආදරේ බව කිව්වට පස්සේ කිසිම ප්‍රතිචාරයක් නැතුව ගියා.."

"මාස හය හතකට පස්සේ තමයි කැමති වුණේ.."

ෂෙහාන් ජයසූරිය නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන් නමුත් ඒ රූපය දුටු ගමන් කවුද මොනවාද කරන්නේ කියලා කෙනෙකුට මතක් වෙන්න පුළුවන්. ඔහු මිට වර්ෂ ගණනාවකට පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. පසුගියදා නිමාව දුටු එක් දින තරගවලදී ඔහුගේ දක්ෂතා යළිත් දැකගන්න ලැබුණා. කලකට පසුව ජාතික කණ්ඩායමට එකතු වූ ෂෙහාන්ගේ අලුත් තොරතුරුයි මේ.
ජාතික කණ්ඩායම එක්ව ක්‍රීඩා කරන්න වර්ෂ දෙකක කාලයක් බලාගෙන ඉන්න ෂෙහාන්ට සිදු වුණා. බලාපොරොත්තු ඉටු කරගනිමින් යළිත් ජාතික කණ්ඩායමට එක් වෙන්න පුළුවන් වීම ගැන මොකද හිතෙන්නේ..?
ලොකු බලාපොරොත්තුවකින් හිටියේ යළිත් ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරන්න. ඒ වෙනුවෙන් මහන්සි වුණා. කාලය කැපකළා පුහුණු වීම්වලට. යථා තත්ත්වයට පත් වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව තිබුණේ. මම හිතනවා ඒ බලාපොරොත්තුව යම් තාක් දුරට ඉටුකරගන්න පුළුවන් වුණා කියලා යළිත් ජාතික කණ්ඩායමට එකතු වෙලා. නමුත් හිතපු තරම් දක්ෂතා අතරේ ඉන්න බැරි වුණා.

ලැබුණු අවස්ථාව රදවා ගන්න මිට වඩා කැපකිරීම් කරන්න වෙයි නේද..?
අවස්ථා ලැබුණාට ඒක පවත්වාගැනීම තියෙන්නේ අපේ දක්ෂතාවල කියලයි මම හිතන්නේ. ඒ නිසා ජාතික කණ්ඩායමේ නැති කාලේ මම ක්ලබ් මැච්වල හිටියා ඒ කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු අතරේ හිටියා වගේම ඉදිරියේදීත් ලකුණු අතරේ ඉන්න උත්සහ කරනවා. ක්‍රීඩාව වෙනුවෙන් ජිවිතේ යම් කාලයක් කැප කරන්න වෙනවා.

එක් දින තරග හා පන්දුවාර විස්සයි විස්ස තරග සදහා අවස්ථාව උදාකරගත්තාට තවම ටෙස්ට් කැප් එක හිස පළඳාගන්න අවස්ථාව ලැබුණේ නැහැ නේද..?
තවම අවස්ථාව ලබා ගන්න බැරි වුණා. කොහොම හරි අවස්ථාව උදා කරග්ගන දක්ෂතා පෙන්වනවා.

ෂෙහාන් පුද්ගලික ජිවිතේ කොහොමද..?
අපි ක්‍රීඩකයින් වුණත් සාමාන්‍ය ජනතාවට වගේ අපිටත් ප්‍රශ්න තියෙනවා. පහුගිය කාලේ පුද්ගලික ජිවිතේ ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සිදු වුණා. මානසිකව වැටිලා ඉද්දි මගේ දෙමාපියන් වගේම මගේ අක්කා එයාගේ හස්බන්ඩ් ගොඩක් උදව් කළා. ඒ වගේම ධනංජය ද සිල්වා හා එයාගේ මල්ලි මට උදව් කළා. මගේ මානසික මට්ටම හදාගන්න. නමුත් දැන් මම සතුටින් ඉන්නවා.

ඒ කියන්නේ පෙම්වතිය නිසා සතුටින් කියලද නොකියා කියන්නේ..?
ඔව් ඒකත් එක හේතුවක් තමයි.

ඔබේ පෙම්වතිය කවීෂා කාවින්දි කියන්නේ ලංකාවේ හිටපු ජනප්‍රිය නිළියක් වූ ඩිලානි අබේගුනවර්ධනගේ දියණිය. විදෙස් රටක ජිවත් වෙන අය පෙම්වතිය වෙන්නේ කොහොමද කියලත් මතක් කරමු..?
එයාව මම හදුනා ගන්නේ ෆේස් බුක් එක හරහා. අහම්බෙන් තමයි මම එයාව ෆේස්බුක් එකෙන් දැක්කේ. ඊට පස්සේ එයාට රික්වස්ට් එකක් දැම්මා. ටික ටික චැට් කරන්න පටන් ගත්තා. මාස කිහිපයකට පස්සේ මම එයාට මගේ යෝජනාව කිව්වා. මම යෝජනා කලාට පස්සේ එයා මාත්  එක්ක කතා කරන එක නැවැත්තුවා. කාලයක් යනකල් කිසිම ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. මාස හය හතක ගියාට පස්සේ තමයි එයත් මට කැමති බව කිව්වේ. මම ගැන සියල්ල එයාට කියලා තිබුණේ. කැමති වුණාට පස්සේ අපි ආදරේ කළා. දෙමාපියන්ගෙන් අවසර ගත්තා. දෙපාර්ශවයේම දෙමාපියන් අපිට ආශිර්වාද කළා. දැන් අපි පෙම්වතුන් විදිහට ආශ්‍රය කරනවා.

ඇයගේ මව ජනප්‍රිය නිලියක් කියන එක ෂෙහාන් දැනගෙන හිටියද..?
ඔව්. මම දැනගෙන තමයි එයා එක්ක කතාබහ කළේ. නමුත් එයාගේ දුව නිසා ආදරේ කළේ නැහැ. කවිශාගේ හොද ගතිගුණ වලට තමයි මම ආදරේ කළේ.

පෙම්වතුන් වුණාට පස්සේ නේ සජීවීව දකින්න ලැබෙන්නේ.. ඒ මොහොතේ මොකද හිතුණේ..?
අපි ආදරේ කරලා අවුරුද්දකට පස්සේ තමයි මට එයාව හැබැහින් දකින්න ලැබුණේ. ලොකු වෙනසක් දැක්කේ නැහැ. නමුත් දැක්ක ගමන්ම එයාමද කියලා හිතා ගන්න බැරි තරමට මම පුදුම වුණා. එයා ඉන්නේ නිව්යෝක්වල. මම තුන් පාරක් එහෙ ගියා. එයාගේ උපාධි ප්‍රදාන උත්සවයත් ගියා. එයත් දෙපාරක් ලංකාවට ආවා. අපි දැන් පෙම්වතුන් වෙලා අවුරුදු තුනක් වෙනවා.

ඒ කියන්නේ විවාහය ලගයි. එහෙමද..?
විවාහ වෙන්න නම් හිතාගෙන ඉන්නේ තව අවුරුදු දෙක තුනකින් විතර. එතකල් මම මගේ ක්‍රීඩා ජිවිතේ ස්ථාවර කරගන්න තමයි උත්සහ ගන්නේ. හොදට තරග කරන්න දක්ෂතා අතරේ ඉන්න කැපවීම තියෙන්න ඕන. ඒ නිසා විවාහ ජිවිතේ ගැන තව ටික කාලයකට පස්සේ හිතනවා. එතකල් අපි ආදරෙන් ඉන්නවා.

ඔබේ ක්‍රීඩා ජිවිතයට ඇයගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද..?
එයා මම ක්‍රීඩා කරනවා බලනවා. ප්‍රතිචාරත් හොදයි. ලකුණු අතරේ හිටියේ නැත්තම් ඉවරයි. ඊට පස්සේ දවස් ගාණනාවක් යනකල් කතා කරන්නෙත් නැහැ. එහෙම කරන්නේ මගේ හොදට තමයි.

පෙම්වතිය පිටරටක ඉන්න නිසා විවාහයත් එක්කම ෂෙහාන් විදෙස්ගත වෙන්නත් බලාපොරොත්තුවක් ඇති..?
මට විදෙස් රටවල ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් ලංකාවට ක්‍රීඩා කරන්න තමයි මම කැමති. අවුරුදු හත අටක් විතර ලංකාවේ ක්‍රීඩා කරලා ඊට පස්සේ මමත් විදෙස්ගත වෙනවා. එයා ලංකාවට එන එකක් නැහැ පදිංචි වෙන්න. එයාට බලකරන්න මගේ කැමැත්තකුත් නැහැ. ඊට කලින් මොන වගේ තීරණයක් ගන්න වෙයිද දන්නෙත් නැහැ.

හර්ෂණී වීරරත්න







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,263 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,626 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,145 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,215 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  26,091 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,825 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,021 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,311 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,138 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top