ක්‍රීඩකයෝ 40ක් විතර බංකුවේ
ක්‍රීඩකයෝ 44කට විතරයි අවස්ථාව ලැබෙන්නේ
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (21)ආරම්භ වීමට නියමිත අතර ඒ අනුව කොළඹ හා ගාල්ල කණ්ඩායමත්, මහනුවර හා දඹුල්ල කණ්ඩායමත් ආර්. ප්‍රේමදාස පිටියේදී තරග වැදීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් යළිත් අදහස් දක්වන මහේල ජයවර්ධන ට්විටර් සටහනක් තබමින් පවසා සිටින්නේ කණ්ඩායම් 05ක් හෝ 06ක් තිබුණා නම් තවත් ක්‍රීඩකයින් පිරිසකට ක්‍රිඩා කිරීමේ අවස්ථාව හිමිවන බවයි.
‘පළාත් කණ්ඩායම් 5 ක් හෝ 6 ක් තිබ්බා නම් හොඳයි කියලා හිතෙන්නේ මමම විතරද. මොකද එතකොට අපිට තවත් අවස්ථාවන් දෙන්න පුළුවන්. මේ තරඟාවලියේ ක්‍රීඩකයින් 44 කට විතරයි සෙල්ලම් කරන්න පුළුවන්. අඩුම වශයෙන් ක්‍රීඩකයින් 40 ක් වත් බංකුවට වෙලා ඉන්නවා."
මීට පෙරද හිටපු නායකයා ට්විටර් සටහනක් යොදමින් අන්තර් පළාත් තරගාවලියේ ක්‍රීඩකයින් තෝරාගැනීමේ ප්‍රතිපත්තිය පිළිබඳව විවේචනාත්මකව අදහස් දක්වා තිබුණු අතර විස්සයි 20 ආකෘතියේ විශේෂඥයින් වන ඩිල්ශාන් මුණවීර,සීකුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, මිලින්ද සිරිවර්ධන වැනි ප්‍රබල ක්‍රිඩකයින් එම තරගාවලියට ඇතුළත් නොවීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා තිබිණා.