"අම්මා හැමදාම සංසාරේ ඔබ මගේම අම්මා වේවා"
පුංචි තිරයේ අහිංසක පෙම්වතා වූ සුරාජ් මාපාගේ ආදරණිය මව දයානි මාපා අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 17 වනදා උදෑසන අභාවප්‍රාප්ත වුණා.
ඒ ඇගේ මොළයේ නහරයක රුධිර කැටියක් සිරවීම හේතුවෙන් බවයි දැනගන්නට ලැබුණේ.
ඇය දින තුනක් තිස්සේ මහනුවර මහා රෝහලේ ප්‍රතිකාර ගත් බවද පැවසෙනවා.
සුරාජ් මාපාගේ මවගේ දේහය නුවර සුරාජ් මාපාගේ නිවසේ තැන්පත් කිර තිබුණු අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 4 ට පමණ මහනුවර මහයියාව පොදු සුසාන භුමියේදි සිදුකෙරුණා.
මේ අතර සුරාජ් මාපා මෑණියන් සිහිකරමින් "හැමදාම සංසාරේ ඔබ මගේම අම්මා වේවා" යනුවෙන් සඳහන් සටහනක් සිය මුහුණු පොතේ දමා තිබුනා.
මෑණියනි ඔබට නිවන් සුව..!!