Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
17
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු මහනුවර දළදා පෙරහැරේ කරඬුව ගෙනයන ඇතා සුදානම් කරන ඇහැලමල්පේ පරපුරේ අය කියන ඔබ නොදත් සංවේදී කතාව - Photos

- බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු මහනුවර දළදා පෙරහැරේ කරඬුව ගෙනයන ඇතා සුදානම් කරන ඇහැලමල්පේ පරපුරේ අය කියන ඔබ නොදත් සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73 Views

තාත්තාගෙන් පස්සේ රාජකාරිය බාර ගත්තේ වයස 18 දී
සරසපු ඇතා දවසක් කුලප්පු වුණා

උඩරට පාරම්පරික කලා ශිල්පීන් තම කලා කුසලකා එළිදක්වන තෝතැන්න මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයි. ඒ දහස් ගණනක් ශිල්පීන් එකවර එහි රැඟුම්,ගැයුම්,වැයුම් ඉදිරිපත් කරන බැවිනි.පෙරහර සම්පූර්ණයෙන්ම කේන්ද්‍රගතව පවතින බැවින් සධාතුක කරඬුව වඩම්මන මංගල හස්තිරාජායා අන් සියල්ලට වඩා කැපී පෙනෙන ලෙස හැඩ ගැන්වීම රජ දවස පටන් එන චාරිත්‍රයකි. මේ චාරිත්‍රය සියවස් ගණනාවක් තිස්සේ ඉටු කරනු ලබන්නේ ඇහැලමල්පේ පරපුර විසිනි.ඇහැලමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩාර දැන් වසර 45 ක පමණ කාලයක් තිස්සේ සධාතුක කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා සැරසීමේ භාග්‍යය ලද එම පරපුරේ වත්මන් සාමාජිකයායි.


ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ ඒ පිළිබඳ පවසන්නේ මෙලෙසිනි.
 
"මේක අපේ පරම්පරාවට රාජ නියමයෙන් ලැබුණු රාජකාරියක්.මගේ පියා එම්.පී ඇහැලමල්පේ.තාත්තා 1974 මිය ගියාට පස්සේ තමයි මම මේ රාජකාරිය බාර ගත්තේ. එතකොට මට වයස අවුරුදු 18 යි.තාත්තා එක්ක ඇතා පෙරහරට අන්දලා මට පළපුරුද්ද තිබ්බා.මේක අපේ පරම්පරාවේ උරුමයක් නිසා ඊළඟට රාජකාරිය බාර ගන්න ඉන්න කෙනා ඇතා අන්දන්න එකතු කර ගන්නවා.මගේ පුතා අනුෂ්ක බණ්ඩාර ඇහැලමල්පේ දැන් මාත් එක්ක ඇතා අන්දන්න එකතු වෙනවා.දළදා පෙරහරට අමතරව මාලිගාවේ වෙසක්,පොසොන් හා කාර්තික මංගල්‍යයට තියෙන පෙරහරවලදිත් මංගල හස්තිරාජයා සරසලා රන්සිවිගේ ඇතාගේ පිටේ බඳින්නේ මම.පෙරහර කරඬුව වැඩම වන ඇතා අනිත් හැම ඇතාටම වඩා ලස්සනට ඉන්න ඕන.ඒ නිසා ඇතාට අන්දන්නේ ඉස්තරම්ම ඇඳුමක්.ඇඳුම අන්දනවාටත් වඩා වැදගත්ම දේ රන්සිවිගේ හොඳ පට්ටලේට ඇතාගේ පිටේ බඳින එක.රන්සිවිගේ තියන්න කලින් ඇතගේ පිටේ මෙට්ටයක් තියලා ඒක උඩ වත පුටුව බඳිනවා.වත පුටුව හම්පටි වලින් තද කරලා ඇතාගේ පිටේ බැලන්ස් කරන එක හැමෝටම කරන්න බැහැ.ඇත් හැට්ටය දාලා තමයි රන්සිවිගේ තියන්නේ.ඒක ඇතුළේ විශේෂ ආසනයක තමයි සධාතුක කරඬුව තැන්පත් කරන්නේ..
 
දළදා පෙරහරේ අඩසියවසක් අඛන්ඩව සධාතුක කරඬුව වැඩමවූ රාජා බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රවූ ඇතෙකි.එවන් භාග්‍යයක් ලද හස්තිරාජයකු පිළිබඳව දළදා පෙරහර ඉතිහාසය තුළම අසන්නට නොලැබෙයි.වර්ෂ 1974 දී රාජා පෙරහරට සරසමින් සධාතුක කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා සැරසීමේ කාර්ය භාරගත් ඇහැලමල්පේගේ අතින් ඇතුන් හැඩවුණු වාර ගණන දහස් වතාවද ඉක්මවා ඇතත් ඔහු අතින් හැඩවුණු ඇතුන් ගණන ඉතා අඩුය.ඒ දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය සෑම ඇතෙකුටම හිමි නොවන නිසාය...රාජා ඇතාගෙන් පටන් ගත්තම කන්දා,ජයරාජා,රත්නපුර සමන් දේවාළයේ ඇතා,ගංගාරාමේ දළ පූට්ටුවා,මිල්ලන්ගොඩ ලොකු ඇතා,මිල්ලන්ගොඩ පොඩි ඇතා,ඉන්දි රාජා,සිංහ රාජා,තායි රාජා,මිගාර,ඒක දන්තයා,කතරගම වාසනා,නඳුන්ගමුවේ රාජා කියන ඇතුන්ව මම සරසලා රන්සිවිගේ තැනපත් කරලා තිබෙනවා.මේ ඇත්තු කීප දෙනෙක්ම මේ වෙනකොට මෙළොව හැර ගිහිල්ලා....ඇහැලමල්පේ පවසන්නේ හදවතේ නැගෙන තරමක වේදනාවක්ද සමඟිනි.
 
"නැකතට අනුව දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පෙරහර කරඬුව වැඩම කරනවා.ඒ වෙනකාට ඇතා සරසලා රන්සිවිගේ තැනපත් කරලා සියල්ල අවසන් කරලා තියෙන්න ඕන.දළදා මාලිගාවේ වාහල්කඩින් ඇතුළුවූ ගමන් දකුණු අත පැත්තට හැරෙන තැන තමයි ඇතා සරසන මණ්ඩපය තිබෙන්නේ.එතන්ට කරඬුව වැඩම කරවන ඇතා නාවලා තමයි ගේන්නේ.මට ඇතා සරසලා,වත පුටුව බැඳලා,රන්සිවිගේ තැන්පත් කරලා,ලයිට් සේට් කරලා වැඩ ඔක්කොම ඉවර කරන්න පැය 1 1/2 ක් විතර යනවා.රන්සිවිගේ පිච්ච මල් වලින් සරසලා ඇත්දළ වලට පිච්ච මල් මාලා පළඳවන්නේත් මගේ අතින්.උඩමාලේ සිට දියවඩන නිළමේ තුමන් අතින් වැඩම කරන කරඬුව රන්සිවිගේ තිබෙන ආසනයේ තැන්පත් කරන්නේ කාරියකරවන කෝරාළ විසින්.කරඬුව වැඩම කරන ඇතා දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් ගමන් ආරම්භ කරලා යළි එම ස්ථානයට එනකල්ම මම ඇතා එක්ක හැමදාම පෙරහරේ යනවා.පෙරහරේ යනකොට අලියා කුලප්පු වෙන්න පුළුවන්.කරඬුව ආරක්ෂා කිරීමේ වගකීම මටත් පැවරෙනවා.සමහර අලි ටික දුරක් ගිහින් ඇඟේ හිරි අරිනවා.එතකොට රන්සිවිගේ පැතතකට ඇල වෙනවා.එහෙම වුණාම කැතයි"...ඔහු පවසන්නේ තම රාජකාරියේ ඇති වගකීම් සමුදාව පැහැදිලි කරමිනි.
 
සධාතුක කරඬුව වැඩම කරන ඇතා හොඳින් වැඩුණු ඉහ කර ඔසවා තේජසට ගමන් කරන කෙනෙක් වෙන්න ඕන.වම් දළය දකුණු දළයට වඩා ටිකක ඉහළින් පිහිටලා තියෙනවා නම් ඒක මංගල සලකුණක්.පාද සමඟ හොඬය,වල්ගය හා ලිංගය පොළොව ස්පර්ශ වීමත් එවැනි සලකුණක්.මේ සලකුණු ඔක්කොම රාජාට තිබ්බා.රන් හා රිදී අලේප කරලා තියෙන රන්සිවිගේ කිලෝ 200 ක් විතර බරයි.වත පුටුවත් කිලෝ 50 ක් විතර බරයි.ඇඳුම් කට්ටලේ බරත් කිලෝ 50 ක් විතර වෙනවා.රන්සිවිගේ හා ඇතාගේ ඇඳුමේ දැල්වෙන බල්බ් වලට කරන්ට් එක දෙන්න ලොකු බැටරි 04 ක් යොදා ගන්නවා.ඒවත් කිලෝ 100 ක් විතර බරයි.මේ සියල්ල හොඳින් තැන්පත් කරන්න නම් කරඬුව වැඩම කරන ඇතාට හොඳ පැතලි පිටක් තියෙන්න ඕන.එහෙම වුණාම මට වැඩේ කරන්න පහසුයි.රාජා ඒ වගේ ඇතෙක්.දැන් ඉන්න ඇත්තුන් ගෙන් ඒ වගේ ඉන්නේ දළදා මාලිගාවේ ඉන්දි රාජායි.නඳුන් ගමුවේ රාජා උස වැඩියි.කරඬුව බඳින්න ගොඩක් මහන්සි වෙන්න ඕන.ඇතාගේ සිරුර ලොකු වැඩි නිසා පෙරහරේ යනකොට හොඳ හිරියක් ඇරියොත් රන්සිවිගේ ඇද වෙනවා.ඉන්දි රාජා මේ වැඩේට දැන් හොඳට පුරුදුයි.ඉස්සර රාජා පාවඩේ එලනකල් කරඬුව වඩමවා ගෙන ඉස්සරහට යන්නේ නැහැ.පාවඩේ එලන්න ප්‍රමාද වුණොත් ඇතා කකුළ උස්සගෙන ඉන්නවා.ඉන්දි රාජාත් ඒ වගේ.හරියටම පාවඩේ මතින් යනවා.ඉන්දි රාජා තමයි දැන් අවුරුදු 20 ක් තිස්සේ කරඬුව වැඩම කරන්නේ.2009 අවුරුද්දේ පෙරහර 10 කරඬුව වැඩම කළේ ඉන්දි රාජා.2014 අවුරුද්දේ කොටුගොඩැල්ල වීදිය කෙළවරේදී දෑලේ ඇතෙක් ඉන්දි රාජාට ගැහුව්වා.රාජා බය සතෙක් නොවෙයි.ඒත් ඇතා කරඬුව තියෙන නිසා පාර කාගෙන හිටියා.පස්සේ දෑලේ ඇත්තු නැතුව කරඬුව වඩම්මගෙන මාලිගාවටම ආවා.දැන් ඉන්දි රාජා මේ උතුම් සත්කාරයට කැපවෙලා ඉන්නේ.මම ඇතා සරසන්න ගන්න කොට ඊට පස්සේ කරන්න ඕන දේ. ඉන්දිරාජා දන්නවා....
 
"රත්නපුර සමන් දේවාලයේ ඇතා 1992 සධාතුක කරඬුව වැඩම කරන්න සූදානම් කළා.ඇතා කරඬුව වැඩමවා ගෙන පත්තිරිප්පුව ළඟට ආවා විතරයි කුලප්පු වුණා.ඇත් ගොව්වටත් ගහලා ඇතා මහ මළුව පැත්තට දුවන්න ගත්තා.ඒ වෙනකොට පෙරහර රැජිණ හෝටලයත් පහුකරලා යනවා.කරන්නම දෙයක් නැති තැන නිලමේ තුමා කිව්වා පශු වෛද්‍යවරුන්ට ඇතාව නිර්වින්දනය කරන්න කියලා.නිර්වින්දන බෙහෙත් විඳලා විනාඩි 10-15 ක් විතර යනකොට ඇතා මහ මළුවේ වැටුණා.එතකොට ජයරාජා පෙරහරේ ගමන් කරමින් හිටියේ.නිළමේ තුමා කිව්වා රන්සිවිගේ ගලවලා ඉක්මනට ජයරාජාගේ බඳින්න කියලා.මම විනාඩි 30 ක් වගේ වෙලාවකින් ජයරාජාගේ පිටේ රන්සිවිගේ බැන්දා.එදා කරඬුව වැඩම කළේ ජයරාජා.එදා පෙරහර බලපු අයගෙන් කීප දෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් මෙහෙම දෙයක් වුණා කියලා දැන ගත්තේ නැහැ...ඇහැලමල්පේ අතීත රහසක් එළිකරමින් එසේ පැවසුවේය.
 
 "දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන හස්ති රාජයා සරසන්න පෙර පින් තියෙන්න ඕන.මේ පූජනීය භාණ්ඩ අතපාත ගාන්න වරම් තියෙන්නේ කීප දෙනාටයි.පෙරහර කියන්නේ දළදා හාමුදුරුවෝ වෙනුවෙන් කරන පූජෝපහාරයක්.ඒ නිසා අපි මේකට කැපවෙලා ඉන්නේ.මළ ගෙයක් කිළි ගෙයක් වුණත් අපි පෙරහර කාලය තුළ ඒවාට යන්නේ නැහැ.මේ රාජකාරිය අපේ පවුලේ උරුමයක් කියලා ඥාතීන් පවා දන්නවා.කරඬුව වැඩම කරන ඇතා කවුද කියලා තීරණය කරන්නේ නිළමේ තුමා.ඒ ඇතාව ලස්සනටම සරසලා කරඬුව ආරක්ෂා සහිතව වැඩම කරවීමට සැලස්වීම තමයි රාජකාරිය.ඒක මම මැරෙන කල් කරනවා....ඇහැලමල්පේ එසේ පවසන්නේ දළදා වහන්සේ කෙරෙහි පවතින අපමණ බැතියෙනි.
 
අසේල කුරුළුවංශ

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top