Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
16
"මැරෙන වෙලාවේ ඒ සල්ලි මිටි මතක් වුණා. එතකොටම මම අසූචි වළේ උපන්නා" මුදලට ඇති තන්හාව නිසා ප්‍රේතයෙක් වුණු ගුණරත්නගේ ඇඟ කිලිපොලායන කතාව

- "මැරෙන වෙලාවේ ඒ සල්ලි මිටි මතක් වුණා. එතකොටම මම අසූචි වළේ උපන්නා" මුදලට ඇති තන්හාව නිසා ප්‍රේතයෙක් වුණු ගුණරත්නගේ ඇඟ කිලිපොලායන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

100 Views
"මාව එළවන්න නේද හදන්නේ? ඒකයි අඬන්නේ?"
"උඹ ළඟ ගඳයි. උඹ ගඳයි. කියලා මට ඇතුළට යන්න දුන්නේ නෑ"
"ඒ සල්ලිවලින් මට වැඩක් නෑ. මට ඕනෑ මේ වැසිකිළි වළෙන් ගොඩ එන්න"

දිව්‍ය ලෝක සය, සතර අපාය, මෙන්ම මනුෂ්‍ය ලෝකය ද කාම ලෝකයකි. කාම යනු කැමැත්තයි. පංචේන්ද්‍රියයන් පිනවීමේ කැමැත්තයි.

'ඇස' කැමති දේ දකින්නට කැමතිය. 'කන' කැමති දේ අසන්නට කැමතිය. 'රස' ආහාර ද සුගන්ධය ද ස්පර්ශය ද එසේමය.

මේ සියල්ලටම වඩා සිත බලවත්ය. සිත නිතරම කැමත්තෙන් හිතා ඉන්නේ මීටත් වඩා හොඳ නිවසක් ගැනය. වාහනයක් ගැනය. ඉඩමක් ගැනය. හැම අතින්ම දැනට වඩා තරවන්නටය. මෙය ලෝභයේ අසීමිත හඹා යෑම යැයි කියති.

හිතන පතන පරිදි ලැබුණත් ඊළඟට බලාපොරොත්තු වන්නේ ඊටත් එහා දෙයක් ලබා ගන්නටය. කොයිතරම් ලැබුණත් හිත එයින් තෘප්තිමත් වන්නේ ද නැත.

තමන්ට නොදැනී ක්ෂණයක් පාසා තමන්ගේ ශරීරය වයස් ගතවන බව, ජරාවට පත්වන බව, ලෙඩ දුකට පත්වන මරණාසන්නයට පත්වන බව තමන්ට නොසිතෙයි. එසේ සිතන්නට ද තමන් අකමැති මේ ආශාවන් නිසාය.

කලවානේ කුලතුංග ව්‍යාපාරිකයෙකි. ඔහු පනස් හැවිරිදිය. ජයන්ති ඔහුගේ බිරිඳයි. මව සුමනලතාය. පියා මිය ගොස් හය මාසයක් ගතව ඇත. පියා මියගොස් මාසයක පමණ කාලයක සිට නිවෙස තුළ වරින් වර තදබල අසූචි ගඳක් පැතිරෙන්නට විය.

කෙනෙක් වැසිකිළියට ගිය විට ශරීරයේ පිට පැත්ත හූරා නිය පහරින් ලේ බිඳු ගලන්නට වෙයි. නිවසේ පිසින ආහාර ඉතා ඉක්මනින් නරක් වී නානු ගතියකට පත් වෙයි. රාත්‍රියට යමෙක් නිවසේ එහා මෙහා ගමන් කරන ඡායාවක් ඡායාවක් දර්ශනය වෙයි. මේ අතර කුලතුංග කෑම අරුචියෙන් පෙළෙන්නට විය.

ඒ නිසා ඔහුගේ ශරීරය ද කෘෂ වී තිබේ. ශාරීරික ආබාධවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් කුලතුංගට සුවයක් නොවීය. අනිකුත් අසාමාන්‍යතාවලට විවිධ වත් පිළිවෙත් ශාන්ති කර්ම සිදු කළත් ඒවායින් ද සහනයක් නොවීය. වෙළඳ ව්‍යාපාරය ද පිරිහෙන්නට විය.

මේ අතර හිතවතෙකුගේ උපදෙස් මත පවුලේ තුන් දෙනාම ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන පැමිණියහ.

එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසුණු ඔවූහු තමන්ට එළැඹ ඇති තත්ත්වය පැහැදිලි කළහ. ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කොට ඔවුන්ගේ ශරීර පරීක්ෂා කරන්නට විය.

එවිට සුමනලතා වෙව්ලා බිම වැටී අඬන්නට වූවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය. “ කවුද මේ අඬන්නේ?”

“ මම ගුණරත්න”. භුතාත්මය කීවේය. “ කවුද ගුණරත්න කියන්නේ?” “ මේ කුලතුංගගෙ තාත්තා” “ ඉතින් මොකද අඬන්නේ” “ මාව එළවන්න නේද හදන්නේ? ඒකයි අඬන්නේ?” “ එළවනවා නෙමෙයි මේ ගෙන්න ගත්තානේ” “ මට තේරෙනවා. මට තේරෙනවා. මොකට ද ගෙන්නුවේ කියලා.

මේ හැමදේම කළේ මම, ව්‍යාපාර ආරම්භ කරලා, ගෙවල් දොරවල් හදලා, පින්කම් කරලා, දාන මාන දීලා, මේ ඔක්කොම කළේ මම. ඒත් මේ අය මාව පන්නන්න තොවිල් පෙවිල් කළා. මෙතැනට ආවෙත් ඒකට තමයි. මට දැනෙනවා අම්මලා පුතාලා ලේලිලා මොකට ද ආවේ කියලා.” ප්‍රේතයා කියාගෙන ගියේය.

දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා පන්සලට හීල් දානයක් පිරිනමා ගුණරත්නගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දෙමින් කීවේය.

බෝධි පූජා අවසන් කොට දානය ද පිරිනමා පියාට පින් අනුමෝදන් කොට ඔවූහු නැවත පැමිණියහ. එදින ද සුමනලතා ට භූතාත්මය ආවිශ්ට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය. “ කොහොමද බෝධි පූජාවලට ගියාද? පින් අනුමෝදන් වුණාද?” “ මම ගියා මහත්මයා. ඒත් මට පින් දැනුණේ නෑ.” ප්‍රේතයා කීවේය. “ ඇයි ඒ?”

“ මට බෝධින් වහන්සේ ළඟට යන්න බැරි වුණා. එතැන ඉන්න අය මට ළඟට යන්න දුන්නේ නෑ. උඹ ළඟ ගඳයි. උඹ ගඳයි. කියලා මට ඇතුළට යන්න දුන්නේ නෑ” “ මොකක්ද ගඳ” “ මම මැරුණු ගමන් ගෙදර වැසිකිළි වළේ උපන්නේ. ශරීරය පුරා අසූචි තැවරිලයි ඉන්නේ. ඒකයි ගඳ” “ ඇයි ඔබට එහෙම වුණේ?” “ මම සල්ලි එකතු කළා. ඒවා මට අරගෙන යන්න බැරි වුණා.

මැරෙන වෙලාවේ ඒ සල්ලි මිටි මතක් වුණා. එතකොටම මම අසූචි වළේ උපන්නා.” ප්‍රේතයා කීවේය. “ සල්ලි කොහෙද තියෙන්නේ.” “ අල්මාරියෙ” “ ඒ සල්ලි දෙන්නම්, ගෙනියන්න පුළුවන්ද?” “ බැහැ... බැහැ.... අපේ ලෝකයේ මුදල් ගනුදෙනු කරන්න බෑ.” “ ඉතින් එහෙම නම් සල්ලි ගැන මොකටද හිතන්නේ?’ “ ඒ සල්ලි හිතෙන් අතහැරෙන්නේ නෑ.

හිතේ ඇලිලා වගේ හිත වහගෙන වගේ තියෙන්නේ. ඒකයි පින් නොදැනුණෙත්.” “ සල්ලි පිනට පරිවර්තනය කළේ නැද්ද? ජීවත්ව ඉන්දැද්දී දන් පැන් දුන්නේ නැද්ද?” “ දුන්නා... දුන්නා... දිව්‍ය ලෝකෙ යන්න බලාගෙන පින්කම් කළා. ඒත් මට දිව්‍ය ලෝකයට යන්න බැරි වුණා. අනේ අපරාදෙ මම ඒවාට වියදම් කරපු සල්ලි.”

“ ඔව් ඒ වගේ පින්කම් නොකර සල්ලි ඉතුරු කළා නම් මැරෙන කොට ගෙනියන්න තිබුණා නේද?” “ ම්... ම්.... ම්.... ඒත් බැහැනෙ මහත්තයා.” “ ඔබ දන් දුන්නේ දිව්‍ය ලෝකයේ යන්න හිතාගෙන. දිව්‍ය මාලිගා දිව්‍යාංගනාවෝ ගන්න හිතාගෙන.

ලෝභය මූලික කරගෙන තමයි ඕවා වුණේ. ඔබට එතැනයි වැරදුණේ. දන් දෙන්නේ ලබන්නාගේ හිත සුව යහපත ගැන හිතලයි. ඔබ දන් දීලා තියෙන්නේ කඩේ බිස්නස් කරනවා වාගේ ලාභ ලබන්න. ලාභය කියන්නේ ලෝභය, ලෝභය කියන්නේ අකුසල චෛතසිකයක්.

මෝහ චෛතසිකයෙන් වැඩෙන්නේ මෝඩකම, ලෝභ මෝහ චෛතසිකවලින් සිත කිළිටි වෙනවා. එතකොට යන්නේ අපායට, ඔබ දැන් ගුණරත්න නොවෙයි. ගඳ ගහන ප්‍රේතයෙක්. ඒ සල්ලිත් දැන් ඔබේ නොවෙයි. මේ පුතාටයි අයිති.

ඒ සල්ලි පින්වලට පරිවර්තනය කරන්න කැමති නම් කියන්න. එතකොට ඔබට යහපතක් වේවි.” “ ඔව් මහත්තයා ඒ සල්ලිවලින් මට වැඩක් නෑ. මට ඕනෑ මේ වැසිකිළි වළෙන් ගොඩ එන්න ඔබ කියන ඕනෑම දෙයකට. මම කැමතියි මහත්මයා.”

“ එහෙම නම් ඔබේ මුදල්වලින් ඔබේ නිවසේදී සාංඝික දානයක් පිරිනමා ඔබටත් ඔබේ පරම්පරාගත ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න ඔබේ බිරිඳටත්, පුතාටත්, ලේලියටත් මම නියම කරනවා. ඒ පින් අනුමෝදන් වෙලා හිතන්න ඔබේය මගේය කියා දෙයක් නැති බව, ගුණරත්න දැන් නෑ. දැන් ඉන්නේ ප්‍රේතයෙක්.

ඔය ප්‍රේතාත්මයෙන් මිදෙන්න නම් මගේ ලේලි, මගේ ව්‍යාපාර, මගේ නිවාස යන අදහස් අත්හරින්න ඕනෑ. නැත්නම් ඔය වැසිකිළි වළෙන් අවුරුදු දහස් ගණනකට ගොඩ එන්න බැහැ.

හොඳට මතක තියාගන්න.” ගවේෂකවරයා ප්‍රේතයාට අවවාද දෙමින් කීවේය. ගවේෂකවරයාගේ උපදෙස් අනුව සාංඝික දානය පිරිනැමූ ඔවූහු නැවත ගවේෂකවරයා හමුවට පැමිණියහ.

ඒ වනවිට නිවසේත් වැසිකිළියේත් දුර්ගන්ධය ඉවත්ව ඇති බව ඔවූහු ගවේෂකවරයා හමුවේ පවසා සිටියහ. කුලතුංග ලවා පලතුරු වට්ටියක් ගෙන්වූ ගවේෂකවරයා භූතාත්මය ඊට සම්බන්ධ කර ඔහු අතම අනුරාධපුරයට යැවීය.

සති අන්ත පුවත්පතක තිබූ ලිපියකි - (මතුගම-මහින්ද විජේතිලක)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top