ජපානයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කරදෙන බව පවසා රංගන ශිල්පිනී රොෂානා ඔන්ඩච්චිගෛන් රුපියල් ලක්‌ෂ 10 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චිත්‍රපට අධ්‍යක්‌ෂවරයා නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට පෙරේදා (14දා) ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 20,000 ක මුදල් ඇප හා රුපියල් ලක්‌ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇතැයි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසනවා.
මෙලෙස ඇප නියම වී ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම සැකකරුට එරෙහිව රංගන ශිල්පිනිය පසුගිය වසරේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර එම අංශය මගින් සාධාරණයක් ඉටු නොවූ බවට ඇය බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබෙනවා. පසුව නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ නියෝගයකට අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පරීක්‌ෂණ පවත්වා සැකකාර පුද්ගලයාව කොහුවල පිහිටි ඔහුගේ කාර්යාලය තුළදී 13 වැනිදා අත්අඩංගුවට ගත් බවයි සදහන් වෙන්නේ.
මාස තුනක් ඇතුළත ජපානයෙන් මෝටර් රථයක් ආනයනය කර දෙන බව පැවසූ සැකකරුට තමන් 2016 දී රුපියල් ලක්‌ෂ 10 ක මුදලක් දුන් බවත්, එම මෝටර් රථය ලැබෙන තුරු ඔහුගේ මෝටර් රථය ලබාදුන් බවත්, මාස තුනක් ගත වෙද්දී ආනයනය කර ලබාදෙන බව කී මෝටර් රථය ලබා නොදී ඔහු ලබාදුන් රථය බලහත්කාරයෙන් රැගෙන යැමට උත්සාහ කළ බවත් පවසමින් රංගන ශිල්පිනිය පැමිණිලි කර තිබෙනවා.