ඇමරිකාවේ ටෙක්සාස් Dallas කියන නගරයේ විරෝධතාවයක් අතරතුර පුදුමසහගත සිදුවීමක් වාර්තා වෙනවා. ඒ එම විරෝධතාවයට ආ පුද්ගලයෙක් පදික වේදිකාවෙන් පිට ඇවිද යද්දී පොලිස් නිලධාරියෙකු ඔහුට පදික වේදිකාවෙන් ගමන් ගන්න යැයි පැවසූ විට ඇති වූ තත්ත්වයක් ගැන. ඔහු ඊට විරෝධතාවය පළකරද්දී පොලිස් නිලධාරියකු ඔහුගේ බෙල්ලෙන් අල්ලා ඔහුව ඉන් ඉවත් කරනවා.
නමුත් එම තරුණයා මදක් දුර ඇවිද ගොස් යළිත් වේගයෙන් දුවගෙන විත් පොලිස් නිලධාරියා පසුපස හැරි ඉන්න විට ඔහුගේ බෙල්ලට පා පහරක් ගසනවා. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරියාගේ හිස් පලදනාව විසිවී ඔහු ඇදගෙන වැටෙනවා. නගරයේ පවතී විරෝධතාවය පටිගත කරමින් සිටි කැමරාකරුවෙකුගේ කැමරාවක මෙම වීඩියෝව පටිගත වී තිබෙන අතර එය පසුව සමාජ ජාල මාධ්‍ය හරහා විකාශය වී මෙසේ කතාබහට ලක්ව තිබෙන බවයි සදහන් වෙන්නේ.