වේදිකාව කියන්නේ රංගනයේ තිඹිරිගෙය කිව්වොත් නිවැරදියි. වේදිකාව තුළ සිනමාව හා පුංචි තිරය තුළ ඔහුගේ රගපෑම අතිවිශිෂ්ඨ ඒ නිසයි. ඔහු දැන් දක්ෂ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා. ඒ කරවල බිස්නස්. නමුත් ඔහුගේ ව්‍යාපාරය බොහෝ දෙනෙක් හෑල්ලුවට ලක් කරලා කියලා ඔහු චෝදනාවක් කරනවා. එසටහන පහතින්.
මේ දාලා තියෙන විදිහට ජයසේකර අපොන්සුගේ කාලය ඉවරවෙලා. ඔහු නට්ටම් වෙලා, අංජකොරොස් වෙලා යන එන මං නැතිවෙච්ච පාටක්නේ මේ ආට්කල් එක දැක්කාම හිතට එන්නේ. හොඳ වෙලාවට මං ඇත්ත කියනවා. මේ ලිපි කෑල්ල දාන්න හේතුවෙච්ච කාරණාව මේකයි. මම 1971 නළුවා වෙන්න කොළඹ ඇවිල්ලා මාර කට්ටක් කෑවා. එතකොට .හෑන්ඞ් පෝන් නෑ. බයිස්කෝප් එකයි, රේඩියෝ එකයි විතරයි. සුන්දරම කාලයක අවසාන අදියරේ මම බයිස්කෝප් නළුවා වෙන්න ආවේ. මං එනකොට ලොකු විප්ලවයකුත් රටේ. මට විප්ලවේ තිබුණේ නළුවෙකු වීම පමණයි. 1971 ඉඳලා මං කරපු කැපවීම හින්දා මං ලංකාව ඇතුළේ ඕනෑම කෙනෙක් දන්න, ජනප්‍රිය නළුවෙක් වුණා. 1975 වෙනකොට මම වේදිකාවේ හොඳම නළුවා වුණේ දැවැන්තයන් පරද්දලා. 1978දී ටැලිවිෂොන් එක හයිකරලා රේඩියෝ එකටයි, බයිස්කෝප් එකටයි තිත වැටෙනකොට, සිනමාවේ ප්‍රබලව හිටපු කාර්මික පිරිස නළු නිළියෝ සෑහෙන ගැටලූවලට මූණදුන්නා. මම ”සමනල්ලූ” කියලා පාසල් සිසු සිසුවියන්ට නාට්‍ය පෙන්නමින් ගැටලූවලට මුහුණදුන්නා. එතකොටත් ගොසිප් නෑ. හැබැයි අපිව දිරිගන්නවන්න ඉහළම වර්ගයේ මානව දයාව පිරුණ පිවිතුරු පුවත්පත් ලේකඛයෝ හිටියා. පත්තර ගැන මං කිව්වේ. ඉතිං 1971 සිට අද වෙනකම් මම හොඳට කෙළින් ඉන්නවා. ජනප්‍රියතාවයේ අඩුවකුත් නෑ.
ප්‍රේමය, විවාහය වගේ දේවල්වලදී මම හුඟක් මානව දයාව පෙරදැරි කරගෙන සාධාරණ පිළිවෙළට විසඳුම් යොදලා අයින්වෙලා තියෙනවා. ඔවුන් තුළ මං ගැන වෛරයක් නෑ. මගෙත් නෑ. නිළියෝ කරන්ඩ අහිංසක කෙල්ලො රවට්ටලත් නෑ, ගෑනු අමාරුවේ දාලත් නෑ. සිනමා නිර්මාණයක් කරලා ගේ දොර වික්කා ණය බේරන්න. චිත්‍රපටයේ දුර්වලකම නෙමෙයි. රටේ එවකට තිබිච්ච වාතාවරණය. ගොසිප්වලට හෝයියා කියන රූකඩ විචාරකයකු නම් මගේ මොළේ වයර් පැටලිලා කියලා විචාරයක් ලියලා තිබුණා. මගේ අන්තිම කැමැත්ත මං ලියලා අත්සන් කරලා තියෙනවා ? රූ, සීතා, මං ආවා එන්ඩ තියෙන ‘‘තරු සොභා’’ මං කරපු ෆිල්ම්. මැරිලා ඉන්න තැනක එන අයට පේන්න සලස්සන්න කියලා ෆුල් මෙබ ැන්එය ැනන්. ඉතින් දැන් මේ තිබෙන ගොසිප් කෑල්ලේ හෑල්ල කවුරුත් ගණන් ගන්න එපා. මට කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි නෑ. ඉන්නේ පුෂ්පා ජෙනට් සහෝදරියගේ අලංකාර නිවසේ පැත්තක තිබෙන පූජණීයත්වයෙන් පිරුණු කාමරේ. උදේ පාන්දර නැගිටලා පාර්ලිමේන්තුව අයිනේ වැලිපාරේ ඇවිදිනවා. ඉඳහිට හිටපු අධ්‍යාපන ඇමැතිතුමාත් හිනාවේගෙන යනවා.
මට මතක් වෙනවා ‘සමනල්ලූ’ භාෂා පාසල් සිසුන්ට නාට්‍ය පෙන්නපු ක්‍රමයට තිත තිබ්බේ එතුමානේ කියලා. මම හොඳට හිනායන චිත්‍රපටයක් මමම වියදම් කරලා හැදුවා ‘තරු සොභා’ කියලා. ජයන්ත ධර්මදාස මැතිතුමා මට මාර උදවුවක් කළා ඒකට. මම ටෙලි නාට්‍යවලට යෑම සීමා කරලා. මට හොඳට ගෙවලා හොඳ චරිතයක් දෙනවා නම් රඟපානවා. රංගනය හෑල්ලූවට දාලා තුට්ටු දෙකට රඟපාන්නේ නම් නෑ. ඒ ආඩම්බරේ ගන්නේ අහිංසකව. මොකද මං දන්නවා මගේ රඟපෑමේ වටිනාකම. ඒක හෑල්ලූ කරනවාට වඩා කරවල මන්නාරමෙන් ගෙන්නලා බෙදාහරින එක හොඳයි
උන් කලාකරුවෙක් හදුනන් නෑ. එක මහත්තයෙක් දාලා තිබුණා ‘මං හම්බ කරපු සල්ලි නැති නාස්ති කරලා... වල්ගෑනු පස්සෙ ගිහිල්ලා දැන් හොට බිම ඇනිලා කරවල විකුණනවාලූ...’’ අනේ නළුවෙකු හැටියට, මිනිසෙක් හැටියට මට හැමෝම ආදරෙයි. උපන්දා ඉඳලා ‘වල්’ කියලා මිනිහෙක්, ගෑනියෙක් මට මුණගැහිලා නෑ. මම තවම විසේ තියෙන ඕනම බිස්නස් එකක් කරන්න පුළුවන් අයෙක්. කුඩු, අරක්කු නැතුව. මන්නාරමේ හොඳ යාළුවෙක් කරවල එවනවා. මං බෙදනවා. වේදිකාවේ ‘රජු’ කරනවා. ‘‘තටු’’ නාට්‍ය නැගලා යනවා. මම නම් සතුටින් ඉන්නවා.