සංගීත කණ්ඩායම් සාමාජිකයන් රැසක් සහභාගී වෙලා...
ජනප්‍රිය සංගීත කණ්ඩායමක විදුලි ඕගන් වාදන ශිල්පී ගිහාන් රත්නායකගේ අවසන් කටයුතු ඊයේ (11) දිනයේ වේයන්ගොඩ පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.
ඔහුගේ දේහයට අවසක් ගෞරව දැක්වීම සඳහා සහෝදර සංගීත කණ්ඩායම් වල සාමාජීකයින් රැසක් එහි පැමිණ සිටියා.
32 හැවිරිදි මොහු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙම මරණය සැක සහිත බව පොලීසිය ප්‍රකාශ කළා.
ගම්පහ - ඔරුතොට මාර්ගයේ කළුපාලම අසළ පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණේ පසුගිය 07 වනදා රාත්‍රියේයි.