කොට්ටාව සුහද පෙදෙස සිරමල්වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක ඝාතනයක් අද සිදුව තිබෙනවා.
එම නිවසේ ඉහළ මහළේ තරප්පු පෙළ අසල දී තියුණු ආයුධයකින් පහර දී 55 හැවිරිදි කාන්තාවක ඝාතනයට ලක්කර ඇත්තේ උදෑසන 3.30 ත් 4.00 ත් අතර කාලයේදී බවයි සදහන් වන්නේ. පසුව මියගිය අයගේ තරුණ වයසේ දියණියටද පහරදී තුවාල සිදු කර ඇති බව පැවසේ.
සිද්ධියෙන් මියගිය කාන්තාව ශ්‍රියානි කොඩිකාර ලෙස හඳුනාගෙන තිබෙන අතර තුවාල ලද තරුණිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද සදහන්.
ඇය ලබාදුන් කට උත්තර අනුව ඇගේ පෙම්වතා වන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මෙම ක්‍රියාව සිදු කර ඇති බව කොට්ටාව පොලිසිය පවසනවා.
තුවාල ලද තරුණිය හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ ප්‍රකාශ මත පෞද්ගලික විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙන බවත් සදහන්.