Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
සල්ලි බලය පෙන්වා එකම පවුලේ දැරියන් තිදෙනෙකු කෙළෙසූ පස්දරු පියාට වැඩ වැරදුණු හැටි

- සල්ලි බලය පෙන්වා එකම පවුලේ දැරියන් තිදෙනෙකු කෙළෙසූ පස්දරු පියාට වැඩ වැරදුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,621 Views
දැරියන්ගේ දෙමව්පියොත් සිද්ධිය වසන් කරලා..
සැකකරුත් දැරියන් පස් දෙනෙකෙුගේ පියෙක්..
 
එකම පවුලක සහෝදරියන් වූ බාලවයස්‌කාර පාසල් සිසුවියන් තිදෙනකු වසර හයක කාලයක්‌ තිස්‌සේ බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කළ බවට සැකපිට පුද්ගලයකු ඉකුත් 8 වන දාඅත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු කොටියාගල කම්මල්යාය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පස්‌දරු පියෙක්.

2012 සිට 2018 අප්‍රේල් අතර කාලය තුළදී මෙම දැරියන් තිදෙනාගෙන් වැඩිමහල් දියණියව මුලින්ම සැකකරු විසින් දූෂණයට ලක්‌කර ඇති බව පැවසෙන අතර ඉන් අනතුරුව 2012 සිට 2017 දක්‌වා කාලය තුළදී 14 හැවිරිදි දෙවැනි දැරියත් ඉන්පසුව 2018 ජුලි මාසයේ දින තුනකදී නව හැවිරිදි බාලවයස්‌කාර දැරියත් සැකකරු වෙතින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ව ඇති බවයි වාර්තා වන්නේ. 
 
සැකකරු යම් මට්‌ටමක ආර්ථික ශක්‌තියක්‌ ඇති පුද්ගලයකු වන බැවින් වින්දිත දැරියන්ගේ පවුලේ අගහිඟතාවෙන් සැකකරු උපරිම ප්‍රයෝජන ගෙන ඇත්තේ ඔහුට හිමි ට්‍රැක්‌ටරයෙන් ඉඩම් සීසා දීමට ගොස්‌ ඇති බවත් අපයෝජනයට ලක්‌ වූ වැඩිමහල් දියණියට ට්‍රැක්‌ටරයෙන් රියදුරු පුහුණුව ලබාදීමට මෙම සැකකරු කටයුතු කර ඇති බවත් පොලිසිය පවසනවා. 
 
119 හදිසි ඇමතුම් ඒකකයට සහ ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියට ලැබුණු පැමිණිලිවලට අනුව වින්දිත දැරියන්ගේ දෙමාපියන් පොලිසියට කැඳවා විමර්ශන සිදුකළ ද එවැනි කිසිවක්‌ සිදු වී නොමැති බව දෙමාපියන් ප්‍රකාශ කළ නමුත් දැරියන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය විසින් සියල්ල අනාවරණය කරගෙන තිබෙනවා. 
 
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (09 දා) සියඹලාණ්‌ඩුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇතිමලේ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  14,575 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,330 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  23,182 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,963 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  10,014 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,971 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,143 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,743 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,697 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,705 Downloads



Top 10 Commenters

Latest Comments

Top