16 හැවිරිදි ගැහැණු ළමයෙක් ඇගේ මිතුරෙකු විසින් පාලමකින් පහළට තල්ලු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා.
මෙම සිදුවීම ඉකුත් අඟහරුවාදා දින වාර්තා වී ඇත්තේ ඇමරිකාවේ වොෂිංටන්හි Yacolt ප්‍රදේශයෙන්.
Yacolt ප්‍රදේශයේ ඉදිකර ඇති එම පාලම පහළින් ගලායන Lewis නදියට එසේ ඇය වැටී තිබෙනවා.
එම නදිය ගලාගෙන යන්නේ පාළමට අඩි 60 ක් පහළින්.
මෙම අනපේක්ෂිත අනතුරින් දැරියගේ දිවි බේරී ඇති නමුත් ඇය ඉතා ඉක්මනින් රෝහල් ගත කර ඇති ඇතර ඇගේ ඉල ඇට බිඳීයාම හේතුවෙන් පෙනහළුවලට තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.