Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
බිරිඳගෙ ඇඳුම් අන්දවා අනියම් බිරිඳ සමග එකම නිදියහනේ නින්දට ගිය ජයතිස්ස පොරෝ පහරකින් එළොව ගිය හැටි

- බිරිඳගෙ ඇඳුම් අන්දවා අනියම් බිරිඳ සමග එකම නිදියහනේ නින්දට ගිය ජයතිස්ස පොරෝ පහරකින් එළොව ගිය හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,415 Views
පොරව රැගෙන තිදරු පියා ගේ හිස මතට පහර දී ඝාතනය කරලා...
අනියම් බිරිඳට තමා සමග සිටීමට පැමිණෙන ලෙසට නිතර නිතර කරදර කරලා...

වලපනේ තිබ්බටුගොඩ වටබේ ප්‍රදේශයේදී මීට මාස තුනකට පමණ පෙර සිය නිවසේ පාන්දර යාමේ නින්දේ පසු වෙමින් සිටි පනස්‌ දෙහැවිරිදි තිදරු පියකුගේ හිසට පොරවකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් තිස්‌ අට හැවිරිදි පුද්ගලයකු රිමාන්ඩ් බාරයේ පසු වෙද්දී දී ඝාතනයට ලක්‌ වූ තිදරු පියා ගේ ජංගම දුරකථනයේ දත්ත වාර්තා විශ්ලේෂණ ඔස්‌සේ වැඩිදුරටත් දිගින් දිගටම සිදු කළ දීර්ඝ විමර්ශන කටයුතුවලින් පසු සැකපිට අත්අඩංගුවට ගත් මෙම ඝාතනයට ලක්‌ වූ තිදරු පියා ගේ අනියම් බිරිඳ බව කියන හතළිස්‌ අට හැවිරිදි එක්‌ දරු මවක්‌ වලපනේ දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් එස්‌. එල්. එම්. විඡේසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ උඩපුස්‌සැල්ලාව මීපනාව මඩුගස්‌තැන්න පදිංචි හතළිස්‌ අට හැවිරිදි විඡේකෝන් මුදියන්සේලාගේ ප්‍රේමාවතී නැමති එක්‌ දරු මවක් බවයි වාර්තාවුණේ.

වලපනේ තිබ්බටුගොඩ වටබේ ප්‍රදේශයේ ගම්මිරිස්‌ වෙළෙඳාමෙන් ජීවත් වන බව කියන මෙම ඝාතනයට ලක්‌ වූ පනස්‌ දෙහැවිරිදි වික්‍රමසිංහ විදාන පතිරණලා ගේ ජයතිස්‌ස නමැති තිදරු පියා මීට මාස තුනකට පමණ පෙර සිය නිවසේ රාත්‍රියේ නින්දේ පසු වෙමින් සිටියදී නිවසේ තිබූ බව කියන පොරව රැගෙන තිදරු පියා ගේ හිස මතට පහර දී ඝාතනය සිදු කර ඇති බවට පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණය වීමෙන් පසු මෙම ඝාතනයට යොදා ගත් බව කියන පොරව තිදරු පියා ගේ නිවස අසළ ගෙවත්තට විසි කර දමා තිබියදී පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුනා.

මෙම ඝාතනයට ලක්‌ වූ තිදරු පියා අනියම් ඇසුරක්‌ පැවැත්වූ බව කියන එක්‌ දරු මව අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශන කටයුතු වල දී මෙම ඝාතනයට ලක්‌ වූ බව කියන තිදරු පියා සිය බිරිඳ සමග කොළඹ ප්‍රදේශයට ගොස්‌ ඇති අතර එහි දී සිය බිරිඳ කොළඹ ප්‍රදේශයේ නතර කර ඉතා සූක්‍ෂ්ම ලෙස නැවත සිය ගම් ප්‍රදේශයට පැමිණෙන අතරතුර සිය අනියම් බිරිඳ බව කියන හතළිස්‌ අට හැවිරිදි එක්‌ දරු මවට කථා කර සිය නිවසට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

ඒ අනුව මෙම එක්‌ දරු මව මෙම තිදරු පියා ගේ නිවසට පැමිණ ඇඳගෙන ආ සිය ඇඳුම් පැළඳුම් ගලවා තිදරු පියාගේ බිරිඳට අයත් ඇඳුම් පැළඳුම් ද ඇඳගෙන රාත්‍රියේ දෙදෙනාම එකම නිදි යහනේ නින්දට ගොස්‌ ඇති අතර මෙසේ එකම නිදි යහනේ දෙදෙනා රාත්‍රිය ගත කරමින් සිටියදී පාන්දර යාමයේ අවදිවී ඇති මෙම එක්‌ දරු මව නිවසේ තිබූ පොරව රැගෙන නිදි යහනේ සිටි තිදරු පියාගේ හිසට පහරදී ඇති බවට විමර්ශන කටයුතු වලදී අනාවරණය වී ඇති බව සඳහන්.

ඝාතනයට ලක්‌වූ තිදරු පියා අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගිය බව කියන මෙම එක්‌ දරු මවට ඇගේ සැමියාගෙන් වෙන් වී තමා සමග සිටීමට පැමිණෙන ලෙසට නිතර නිතර කරදර කර හිරිහැර කිරීම නිසා ඇය මෙම ඝාතනයට ලක්‌ වූ තිදරු පියා සමග දැඩි අමනාපයකින් ද පසු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම එක්‌ දරු මව අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදුකර වලපනේ දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් එම්. විඡේසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර වලපනේ දිසා මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දී වලපනේ දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් එස්‌. එල්. එම්. විඡේසිංහ මහතා ඉදිරියේ සිය කැමැත්තෙන්ම ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක්‌ කිරීමට නියමිතව ඇති බවද වලපනේ පොලිසිය පවසන අතර ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් භාරයේ පසු වන සැකකරුද වලපනේ දිසා හා මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  705 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  1,224 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  824 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  3,384 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  578 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  675 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  641 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  2,276 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  7,906 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  656 Downloads



Top 10 Commenters

Latest Comments

Top