ඉන්දියාව ලෝකයට විටෙන් විට අපූරු පුවත් නිර්මාණය කරනවා. එවැනි පුවතක් මේ වන විට වාර්තා වන්නේ නැගෙනහිර ඉන්දියාවෙන්. බරුයිපූර් නම් ප්‍රදේශයේ උපත ලබා සිටින අත් සතරක් පා පාද සතරක් ඇති පිරිමි දරුවෙක් මේ වන විට ඉන්දියාව පුරා ආන්දෝලනාත්මකව කතබහට ලක්වෙනවා.
ප්‍රදේශයේ ජීවත්වන පිරිස් මෙන්ම ඔහුගේ දෙමාපියන්ට මේ වන විට ඔහුව දෙවියෙක් ලෙස සලකා ඇති අතර දරුවාට නම් තබා ඇත්තේද ‘‘ගෝඩ් බෝයි (දේව දරුවා)‘‘ ලෙසිනි. මෙම නම මෙන්ම අත් හා පාද සතර බැගින් ඇති නිසාවෙන් ඔහුව නැරඹීමට දස දෙසින් ජනතාව ඇදී එන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.
කෙසේ නමුත් මෙම දරුවා පරීක්ෂා කල වෛද්‍යවරුන් පවසන්නේ දෙබිඩි දරුවෙක් උපත ලැබීමට ඇති අවස්ථාවක යම් විකෘතිතාවයක් හේතුවෙන් මෙලෙස ඔහු උපත ලබා ඇති බවයි. එමෙන්ම සැත්කමක් මඟින් ඔහුගේ වැඩිපුර පිහිටි අවයව ඉවත් කල හැකි බවත් ඔවුන් පවසනවා.
නමුත් දරුවාගේ දෙමාපියන් මෙන්ම ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය දෙවියන්ගෙන් ලද දායාදයක් වන බවත් ඔහුට සැත්කමක් කිරීමට අවශ්‍ය නොවන බවත්ය.