Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
"මතකයන් රැසකි ගිහාන් මල්ලි ඔබ ගැන ....ඒවා සියල්ලක්ම සුන්දර මතකයන්" හදිසියේ අප අතරින් සමුගත් සංගීත ශිල්පියා වෙනුවෙන් තැබූ කඳුළු සටහන් මෙන්න - Video & Photos

- "මතකයන් රැසකි ගිහාන් මල්ලි ඔබ ගැන ....ඒවා සියල්ලක්ම සුන්දර මතකයන්" හදිසියේ අප අතරින් සමුගත් සංගීත ශිල්පියා වෙනුවෙන් තැබූ කඳුළු සටහන් මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,552 Views
"දුකේදී සැපේදී ඔබ අප ලගින් සිටියා..අසරණ මිනිසුන්ට ඔබ පිහිට වුවා"
"සියල්ල නිම වී ඇත...අපිට කරන්නට කිසිවක් නොමැත"

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන AURA සංගීත කණ්ඩායමේ නිත්‍ය කී බෝඩ් වාදන ශිල්පී ගිහාන් රත්නායක ඊයේ (07) රාත්‍රියේ සියදිවි හානි කර ගෙන තිබුණා.

ඔහුගේ හදිසි මරණය සම්බන්ධයෙන් දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල  සාමාජීකයින් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය පල කර තිබෙනවා.

සිය මුහුණු පොතේ සටහන් තබමින් ඔහුගේ වියෝව ගැන දුක්වෙන අපේ රටේ සංගීත ශිල්පීන් පෙන්වා දෙන්නේ ගිහාන් ජීවත්ව සිටියදී අසරණ මිනිසුන් රැසකට පිහිට වූ බවයි.

මේ සටහන් අතර ප්‍රවීණ සංගීත ශිල්පියෙකු වන චාමින්ද විමලසේන මෙලෙස සටහනක් තබා තිබුණා.

"මා දයාබර ගිහාන් මල්ලි ඔබට මේ සසරේ කිසිම භවයක මෙවන් අකල් මරණයන් අත් නොවේවා...ඔබට අමා මහා නිවන් සුව ලැබේවා...!

ඕරා සංගීත කණ්ඩායමෙහි ඕගන් වාදන ශිල්පී ගිහාන් මල්ලි මා දන්නා ඉතාමත් යහ ගුණවත් මා වඩාත් ප්‍රිය කරන සොයුරෙක්.කොතැනක දැක්කත් චමින්ද අයියා කියා දිව එන ලගට ඇවිත් කතා කරන නිහතමානි කලාකරුවෙක්.මා කරන ගොඩාක් ප්‍රජා සත්කාරයන්ට ගිහාන් මල්ලි දායක වී තිබෙනවා..පසුගිය වසරේ රාගම රෝහලේ ලේ බැංකුවෙහි ජුලි මස මා පැවැත්වූ ලේ දන්දීමේ කදවුරට සහභාගී වී ලේ දන් දුන් අතර වකුගඩු රෝගී දම්ම සොයුරා ගේ ශල්‍යකර්මය වෙනුවෙන් මීගමුවේ පවතී සංගීත ප්‍රසංගය වෙනුවෙන් පවා ඕරා නායක රන්ශ්‍රි සමග මුල්‍යමය වශයෙන් දායක වී විශාල ප්‍රජා මෙහෙවරයන් පවා කල අපුරු සොයුරෙක් ගිහාන් මල්ලි.

ඒ සැමටත් වඩා ලාංකික සංගීත කණ්ඩායම් කලාවටද ඔහුගේ වියෝව විශාල කම්පනයක් මෙන්ම විශාල පාඩුවකි.දක්ෂ ඕගන් වාදකයෙක් හා ගායන ශිල්පියෙක් ලෙසින් ඔහු හැමදාමත් කළා කරුවන්ගෙන් හා රසික රසිකාවන්ගෙන් පැසසුම් ලබමින් කාගේත් ජනාදරයට පත්වූ ගිහාන් මල්ලිට හැම කෙනෙකුගේම ආදරය නොඅඩුවම ලැබුනා.සියලුම සංගීත කණ්ඩායම්වල ශිල්පින් ලගින් ඇසුරු කල මෙවන් සුන්දර හා දක්ෂතා රාශියක් ඇති ගිහාන් මල්ලිගේ මෙම අකල් සමු ගැනීම අන් සියලු දෙනා මෙන්ම මා හටද හිතාගත නොහැකි දරාගත නොහැකි කම්පනයකින් පිරි ශෝකයකි.

මතකය රැසකි ගිහාන් මල්ලි ඔබ ගැන ....ඒවා සියල්ලක්ම සුන්දර මතකයන් මිස කවදාවත් ඔබ අපහට අසුන්දර මතකයන් ඔබ රදවුවේ නැත.දුකේදී සැපේදී ඔබ අප ලගින් සිටියා..අසරණ මිනිසුන්ට ඔබ පිහිට වුවා ....සංගීත ලොව මතයන් රැසකුත් ආදරයෙන් දයාවෙන් පිරි රසික රසිකාවියන් හා මිතුරන් සැමටම ඔබ සුන්දර මතකයන් රැසක් පමණක් ඉතිරි කොට මෙතරම් ඉකමනින් නික්ම යාම අදහාගත නොහැකි බලවත් ශෝකයකි ගිහාන මල්ලි....

සියල්ල නිම වී ඇත...අපිට කරන්නට කිසිවක් නොමැත අසරණව ඔබ ගැන සිහි කරමින් ඔබේ නිසල දෙන දෙස බලා දුක්වෙනවා හැර.අවසානයේ මා මගේ හදවතින්ම මෙසේ ඔබට පතමි.....

දයාබර ගිහාන් මල්ලි... ඔබට මේ සසරේ උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයන් අත් නොවේවා...
ඔබට අමා මහා නිවන් සුව ලැබේවා...!

මා චාමින්ද අයියා"





Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  14,525 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,329 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  23,143 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,946 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  10,006 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,959 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,142 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,740 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,689 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,705 Downloads



Top 10 Commenters

Latest Comments

Top