Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
08
වකුගඩුවල ගල් හැදෙන්නේ මෙහෙමයි

- වකුගඩුවල ගල් හැදෙන්නේ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

187 Views
ජීවිත කාලය තුළ දී කෙනකුට දරන්නට බැරි තද වේදනාවක් ගෙන දෙන රෝගයක් හැටියට වකුගඩු ගල් ඇතිවීම පෙන්වා දිය හැකියි. වකුගඩු ගල කුඩා නම් වඩාත් පහසුවෙන් ශරීරයෙන් බැහැර කරගන්නට පුළුවන. නමුත් එය විශාල එකක් නම් ශරීරයෙන් බැහැරවීමේදී මුත්‍රාවාහිනී අවහිරවීම වැනි නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණදීමට සිදුවෙයි. සමහරවිට සැත්කම් කරන්නටත් සිදුවෙයි..

රෝගයට හේතු
කෙනකුගේ මුත්‍රාවල සාන්ද්‍රණය වැඩි නම් ගල් සෑදීමේ හැකියාව වැඩි වේ. මේ තත්ත්වයට මූලික හේතුව වකුගඩුවල පෙරීමේ රාජකාරියට අත්‍යාවශ්‍ය ජලය ඇති තරම් සිරුරට නොලැබීමයි.

බොහෝමයක් වකුගඩු ගල් කැල්සියම් වලින් සෑදී ඇත. සමහරවිට සිරුරේ කැල්සියම්, ඔක්සලේට්, යූරික් අම්ලය වැනි සංඝටක සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිවන රෝග ඇත. මෙවැනි අයට ගල් සෑදීමේ ප්‍රවණතාවය වැඩියි.

සමහර ඖෂධ නිසාද වකුගඩු ගල් සෑදීමේ අහිතකර ගුණාංග පවතී. උදා – සමහර පිළිකා ඖෂධ, ඒඩ්ස් රෝගීන්ට ලබාදෙන සමහර ඖෂධ, ඇතැම් මුත්‍රා පෙති

වකුගඩු වේදනාව
වකුගඩුවක ගලක් හිරවී තිබුණොත් යටිබඩ ප්‍රදේශයෙන් විටින් විට වේදනාවක් දැනීමට ඉඩ තිබේ. හදිසියේම ඇතිවන එම වේදනාව තියුණු එකක් බවට පත්වී කාලයත් සමඟ වඩාත් නරක අතට පත්වෙන්නට පුළුවන. යමෙකුගේ ජීවිත කාලය තුළ දැරිය හැකි දරුණුම වේදනාවක් ලෙසද එය හඳුන්වන්නට හැකියාව තිබේ. එම වේදනාව ඉකිලි ප්‍රදේශයෙන්, ජනනේන්ද්‍රියෙන් සහ පසුපස ප්‍රදේශයෙන්ද දැනෙන්නට හැකිය.

මෙම වේදනාත්මක තත්ත්වය නොනැවතී දිගටම පැවතීමට හෝ විටින් විට නැවත පැමිණීමටද ඉඩ තිබේ. වකුගඩු තුළ එම ගල් එහා මෙහා ගමන් කිරීම නිසා දහඩිය දැමීම සහ දරාගත නොහැකි දරුණු වේදනාවක් ඇතිවී ඔබ දැඩිව රෝගාතුර විය හැක. ඉරියව් මාරුකරමින් කුමන ඉරියව්වකින් සිටියත් එම වේදනාව නොනැසීම පවතී.

මුත්‍රා සමඟ ලේ පිටවීම
මුත්‍රා සමඟ ලේ පිටවීම වකුගඩු ගල් රෝගයේ පොදු ලක්ෂණයකි. මුත්‍රා කරන විට මුත්‍රාවාහිනීවල එම ගල් ඇතිල්ලීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රාවාහිනීවලට හානි සිදුවී මුත්‍රාවල වර්ණය රතු හෝ ලා රෝස පැහැයක් ගැනීම එහිදී ඇත්තටම සිදුවෙයි.

ආසාදන
මුත්‍රා කරන විට වේදනාවක් දැනීම මුත්‍රා මාර්ග ආසාදන තත්ත්වයේ ප්‍රධානම රෝග ලක්ෂණයයි. එසේ වුණත් වකුගඩු ගල් තත්ත්වයකදීද සුළු වශයෙන් හෝ වේදනාවක් ඇතිවෙන්නට පුළුවන් බව හොඳින් මතක තබාගන්න.

වමනය  සහ ඔක්කාරය
වකුගඩු නිවැරදිව ක්‍රියාත්මක නොවෙන විට වමනය කිරීම මගින් ශරීරයේ ඇති අපද්‍රව්‍ය බැහැර කිරීමට ශරීරය උත්සාහ කරයි.

මුත්‍රා කරන විට විටින් විට වේදනාවක් දැනීම වකුගඩු ගල් රෝගී තත්ත්වයේ පොදු සහ පූර්ව ලක්ෂණයක් ලෙස හැඳින්වෙයි.

මේ ඉහත සඳහන් කරනු ලැබූ ලක්ෂණ ඔබ තුළ දිස්වෙනවා නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමුවීම කළ යුතුයි.

ප්‍රතිකාර
විශේෂ එක්ස්රේ පරීක්ෂණ හා ස්කෑන් මගින් වකුගඩු ගල් හඳුනාගත හැක. ඉහත රෝග ලක්ෂණ ඇත්නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කර, පහසුකම් සහිත රෝහලකට ඇතුළු වී නිසි ප්‍රතිකාර ලබාගත හැක. වකුගඩු ගල් සඳහා ලේසර් ප්‍රතිකාර, නොයෙකුත් තරංග ප්‍රතිකාර හා ශල්‍යකර්ම ඇත.

බොහෝවිට සෑදෙන වකුගඩු ගල් කුඩා නිසා ඒවා දින කිහිපයකින් මුත්‍රා සමඟ පිටවී යයි. මේ සඳහා හොඳින් ජලය හා දියර පානය වැදගත් වන අතර වේදනා නාශක ඖෂධ අවශ්‍ය වේ.

රෝගය වළක්වා ගැනීම
ඔබට වරක් වකුගඩු ගල් ඇතිවූයේ නම්, නැවත එසේ ඇතිවීමේ හැකියාවක් ඇත. එම නිසා දියර වර්ග හෝ ජලය හොඳින් පානය කිරීමෙන් මුත්‍රාවල සාන්ද්‍රණය අඩුකර ගැනීමෙන් මෙම ප්‍රවණතාව අඩුකරගත හැක. ඒ සඳහා දිනකට වතුර වීදුරු 8 ක්වත් පානය කිරීම සුදුසුය.

වෛද්‍ය චන්දන ධර්මරත්න
කළුබෝවිල ශික්ෂණ රෝහල
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top