විවිධ රෝග තත්වයන් ඉවකර හදුනාගැනීමේ අපූර්ව හැකියාවන් ඇති බලු සුරතලෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. ලැබ්බ්‍රඩෝ වර්ගයට අයත් ඩේසි නම් මෙම බැල්ලියගේ වයස අවුරුදු 10ක් වන අතර ඇයගේ හිමිකාරිය ක්ලැරි ගෙස්ට් නම් වෘත්තීය රසායනාගාර වෛද්‍යවරියකි.
දිනක් ඩේසි සිය හිමිකාර වෛද්‍යවරියගේ පපුවට ඉව කරමින් එම ප්‍රදේශය පහුරුගාමීන් අමුතු ආකාරයට හැසිරි ඇති අතර ඉන් සැකයක් උපදවාගත් ක්ලැරි තමන්ගේ පුර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරගැනීමට කටයුතු කර ඇත. එමගින් අනාවරණය වී ඇත්තේ ඇය පියයුරු පිළිකාව මුල වර්ධන අවස්ථාවේ පසුවන බවයි. ඇය වහාම සිය රෝගයට ප්‍රතිකාර සිදු කොට ගෙන සුවය ලබා ගැනිමට ඒ අනුව කටයුතු කර ඇත.
මෙම ඩේසි නම් බැල්ලියට කුඩා අවදියේ සිටම පරීක්ෂණ සඳහා ගෙන එනු ලබන ලේ සහ මුත්‍ර සාම්පල ඉව කොට හදුනා ගෙන යම් රෝගී කාරකයක් එම සාම්පල තුල අන්තර්ගතනම් එයට ප්‍රතිචාර දැක්වීමට හුරුඑකර තිබූ බවත් බැල්ලිය විසින් එවැනි සාම්පල 550 ක් පමණ මෙතෙක් හඳුනාගෙන ඇති බවද වෛද්‍යවරීය මාධ්‍ය වෙත පවසා ඇත.
මෙම බැල්ලියගේ සුවිශේෂි හැකියාව අගය කොට බිලුක්‍රොස් නම් සත්ව සංවිධානය විසින් සුවිශේෂි පදක්කමක් පිරි නමා ඇත. එසේම ඇය මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන්ගේ සුරතල් බැල්ලියට තම රෝගය පිළිබඳ ඉඟියක් ලබා දීමට දිවිතෙක් තුති පුර්වක වන බවයි.