කොට්ටරප්පු චට්ටු කුට්ටන් මහතා ගාලු මුවදොර හෝටලයේ දොරටුපාලක ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් ඊයේ (18) දිනයේදී ඒ මහතා අප අතරින් වෙන්ව ගියේ ශ්‍රී ලාංකීය හෝටල් කර්මාන්තය තුල කිසිදා අමතක නොවන මතක සටහන් රැසක් අපහට ඉතිරිකරමිනුයි.
1920 දී ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ උපත ලැබූ ඔහු 1938 දී නිවසක සේවය කිරීම සඳහා ලංකාවට පැමිණ ඇති අතර අත් උදව්කරුවෙකු ලෙසින් 1942 වසරේ දී ගාලු මුවදොර හෝටලයේ සේවයට පැමිණ ඇත.
වසර 70කට අධික කාලයක් ගාලුමුවදොර හෝටලයේ සේවය කල මොහු මුලින්ම භෝජනාගාර සේවකයෙකු ලෙසත් පසුව දොරටුපාලක වශයෙනුත් පත් වී ඇත. හෝටලයට පැමිණෙන සංචාරකයින්ගේ මහත් ප්‍රසාදයට පත්වූ මෙතුමා හෝටලය තුල කා අතරත් සිත්ගත් චරිතයක් වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ හේතුව නිසා එතුමා අපරට තුල පමණක් නොව විදෙස් රටවල් වල සඟරාවල පවා කා අතරත් කතාබහට ලක්වු චරිතයක් බවට පත්විය..