Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
31
විදෙස් ගතවීම සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමිට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව

- විදෙස් ගතවීම සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමිට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න අද අවසර ලබා දුන්නා. 
 
ඒ උන්වහන්සේගේ නීතිඥයන් අධිකරණයෙන් කරණු ලැබූ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව අද සිට සැප්තැම්බර් මස 10 වනදා දක්වා කාලය තුල උන්වහන්සේට විදෙස් ගතවීමට මහාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ධර්ම ප්‍රචාරක කටයුත්තක් සඳහා එංගලන්තයට යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ගුවන් යානයට ද නැගි පසුව ආගමන විගමන නිලධාරීන් උන්වහන්සේව ඉන් බස්සවනු ලැබුවේ පසුගිය 26 වනදායි. ඒ, ධම්මාලෝක හිමියන්ට විදෙස් ගත වීමට අධිකරණයෙන් මීට පෙර ලබාදුන් නියෝගයේ ඇති දිනය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවීම හේතුවෙන්. 

ඒ අනුව උන්වහන්සේට යලි විදෙස් ගතවීමට අවසර හිමි වූයේ දින 05කට පසුවයි.

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ලබා දීමේදී විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා. 

කෙසේ වෙතත් තමන් වහන්සේට ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා එංගලන්තයට යාමට අවශ්‍ය බව පවසමින් විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබූ අතර, ඒ අනුව උන්වහවන්සේට අධිකරණය අවසර ලබාදී තිබුණේ අගෝස්තු මස 26 වනදා සිට ඔක්තෝම්බර් මස 12 දක්වා විදෙස් ගත වීමටයි. 

කෙසේ වෙතත් මෙම ගැටළුකාරී තත්ත්වය මත පසුගිය 26 වනදා උන්වහන්සේට විදෙස් ගතවීමට නොහැකි වූ අතර ඉන් අනතුරුවයි නීතිඥයන් උන්වහන්සේට විදෙස් ගතවීම සඳහා අධිකරණයෙන් යලි ඉල්ලීමක් කරනු ලැබුවේ.

මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ලබන මස 07වන දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මෙහිදී විමසා සිටියේ සිද්ධිය වූ දින ආරක්ෂක අංශ සාමාජිකයන්ට බන්ධනාගාරය තුලට යාමට අවසර ලබාදුන්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමට හැකි වූයේ ද යන්නයි. 

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ භාවිතා කළ දුරකථන සම්බන්ධයෙන් වාර්තා ඉල්ලා ඇති අතර, ඒවා ලැබුණු පසු එලෙස අණ දුන්නේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදු කරන බවයි. 

2012 වසරේ නොවැම්බර් 09 වනදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top