ශ්‍රී ලංකාවේ එක් එක් පරිපාලන දිස්ත්‍රික්කවලට අනන්‍ය වූ ලක්ෂණ සහ විශේෂිත ස්ථාන දැක්වෙන රුපියල් 10 වටිනාකම සහිත කාසි 25කින් යුත් නව කාසි පෙළක් ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කර තිබෙනවා.
එම නව කාසි කාණ්ඩයේ ප්‍රථම කාසි එකතුව මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (17) උදෑසන පිළිගන්වනු ලැබුවා.
මෙම නව කාසි එකතුව වාණිජ බැංකු සහ ශ්‍රී ලංකා මහබැංකුවේ පළාත් කාර්යාල හරහා සංසරණය සඳහා නිකුත් කෙරෙනු ඇති.
කාසි එකතු කරන්නන් සඳහා මෙම කාසි එකතුව කොළඹ - චැතැම්වීදියේ ආර්ථික ඉතිහාස කෞතුකාගාරයෙන් සහ අනුරාධපුර, මාතලේ, මාතර, ත්‍රිකුණාමලය සහ යාපනය නගරවල පිහිටා ඇති ශ්‍රී ලංකා මහබැංකුවේ පළාත් කාර්යාලවලින් මිලදී ගත හැකියි.