ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් යලිත් මල්පල ගැන්වූ මංගලම් සිහිනයේ දෙවන උත්කර්ෂය අද දවසේදී අති සාර්ථකව නිමවුණා. ඒ අනුව මෙම වසරේ වාසනාවන්තම දෙපළ වූ තිළිණ හා වින්ද්‍යා හිරු ටීවී වෙතින් රුපියල් මිලියන 5කට අධික පිරිවැයක් දරා කොළඹ හිල්ටන් රෙසිඩන්සිස් හිදී තිළිණ කෙරුණු සුපිරි මංගල උත්සවයෙන් පසු තම යුගදිවියට ඉතාමත් සතුටින් පිටවගියා.