Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
23
"මගේ මොනව හරි අඩුපාඩුවක්‌ තියෙනවා නම් නේ එයාට එහෙම කෙනෙකුට ළං වෙන්න හිතන්නේ.." - අමන්දා සිල්වා

- "මගේ මොනව හරි අඩුපාඩුවක්‌ තියෙනවා නම් නේ එයාට එහෙම කෙනෙකුට ළං වෙන්න හිතන්නේ.." - අමන්දා සිල්වාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

72 Views
"ආරක්‌ෂා කරන විශ්වාසවන්ත කෙනෙක්‌වයි මම පැතුවේ.."

"ඒ හැම දෙයක්‌ම අතීතය තුළම බොදවෙලා ගිහින් ඉවරයි..."

නිලුක්‍ෂි අමන්දා නිරූපිකාවක් විදිහට ජනප්‍රිය චරිතයක්. රංගන ශිල්පිනියක් විදිහටත් කලාව තුල දකින්න ලැබෙන අමන්දා විවාහ ගිවොඉස ගත්තා. ඒ ගැන වගේම ඇයගේ ආදරේ ගැන හා අලුත් තොරතුරු ගැනයි මේ.

නිලුක්‍ෂි අමන්දා, ඔබගේ ප්‍රේමය ඔබට හමුවුණේ ?
එයාව මුණගැහුණ විදිහ වෙනස්‌ම කතාවක්‌. මට ආදරය කරන මමත් ආදරය කරන මම හොයපු මගේ හිත බලාපොරොත්තු වුණ විදිහේ ආදරණීය චරිතයක්‌ මට හමුවෙලා තියෙනවා.

ඔබ සෙවූ ආදරය හැඩහුරුකම මොකක්‌ද ?
මම හිතුවෙ මම වගේම හිතන පතන කෙනෙක්‌ මට ලැබෙන්න කියලා. මම වගේම ආදරයේදී සංවේදී වෙන තමන් ආදරය කරන කෙනාව ආරක්‌ෂා කරන විශ්වාසවන්ත කෙනෙක්‌වයි මම පැතුවේ. කලා ක්‌ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්‌ විදිහට ඔළුව නිදහසේ තියාගෙන මට වැඩ කරන්න නිදහසක්‌ තියෙන්න ඕනෑ. හැම වෙලාවෙම දුරකථන ඇමතුම් දීලා ඔයා කෙහෙද ඉන්නෙ, මම කොහෙද ඉන්නෙ කිය කියා හොය හොයා ඉන්නේ නැතිව නිදහස්‌ මනසකින් මට මගේ වැඩ කරගෙන යන්න පුළුවන් විශ්වාසනීය ආදරයක්‌ ඒක.

මේ ආදර කතාවේ නිලුක්‌ෂිගේ හිත නතර වුණ ආදර තිළිණය මොකක්‌ද?
එයාගෙන් මට තෑගි ගොඩක්‌ ලැබිලා තියෙනවා. මම ආසාවෙන්ම තියාගෙන ඉන්නෙ එයා මුලින්ම මට දීපු මුද්ද. ඒකට තමයි මම ගොඩාක්‌ කැමති. හැබැයි අපේ විවාහ ගිවිස ගැනීමේදී මට එයාගෙන් ඊට වඩා ලස්‌සන මුද්දක්‌ ලැබුණා.

ආදර ලෝකයේ සැමරුම් සිහිවටන සමරන යුවළක්‌ද ඔබ දෙදෙනා?
ඒ වගේ දෙයක්‌ අපි කිසිසේත්ම මගහරින්නෙ නැහැ. අපි ඒවා අනිවාර්යෙන්ම සමරනවා. එයා ඉන්නෙ ළඟක නෙවෙයි. ඒ නිසා ඒ වගේ අවස්‌ථාවලට අපිට කොහේවත් ඇවිදින්න යන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවට දුක හිතෙනවා. මට කවදාවත් එයාට චෝදනා කරන්න අවස්‌ථාවක්‌ තියලා නැහැ.

ඔහුව ඔබට හමුවන්නේ ඔබට සමීප කලා ක්‌ෂේත්‍රයෙන්ද?
නැහැ. එයා ව්‍යාපාරිකයෙක්‌. පදිංචි වෙලා ඉන්නේ ඇමෙරිකාවේ.

දුර රටක සිටින ව්‍යාපාරිකයෙක්‌ ඔබගේ කලා ජීවිතය හදුනගන්නේ කොහොමද ?
එයා මගේ දේවල් තේරුම් අරන් තියෙන්නේ. මම වැඩකට එළියට ගියහම ඒ වැඩේ හරියට කරලා ආරක්‌ෂිතව ගෙදර එනව කියලා එයා දන්නවා. මගේ තාත්තා නිතරම මගේ ළග ඉදන් මාව ආරක්‌ෂා කරනවා. තාත්තා ළඟ නැතත් මම දන්නවා මම කොහොමද මේ වෘත්තියේ ඉන්නේ කියලා. එයා මාව විශ්වාස කරනවා. ඒ වගේම මමත් එයාව විශ්වාස කරනවා.

විවාහයෙන් පසුව ඔබ ඔහුගේ ආදරය සොයාගෙන ලංකාවෙන් පිටවෙලා යැමට නියමිතද ?
විවාහයෙන් පස්‌සේ මට එයා ළඟට යන්න සිද්ධ වෙනවානේ. එයා ලංකාව් ඉන්න එකක්‌ නැහැ. කොහොමත් මට එයාට කියන්න බැහැ ලංකාවේ පදිංචි වෙමු කියලා. මොකද එයාගේ ව්‍යාපාර තියෙන්නේ ඇමෙරිකාවේ. එයාගේ පවුලේ හැමෝම ඒ රටේ පදිංචිකරුවෝ. විවාහයෙන් පස්‌සේ මට එහේ පදිංචියට යන්න වෙනවා.

ඔබ කලා දිවිය හැරදා යන්නෙ සතුටු සිතින්ද?
සතුටින් නෙවෙයි කියන්න බැහැ. මම මේක ආසවෙන් කරපු දේ. මම අවරුදු දහයක්‌ මේ ක්‌ෂේත්‍රයට ඇවිත්. මම ඇති තරම් මේකෙ වැඩ කරලා තියෙනවා. සමහර වෙලාවට මට කියන්න පුළුවන් දුකක්‌ ඇත්තේ නැහැ කියලා. මම නිරූපණයට එන කාලේ මම ආසම අයත් එක්‌ක නිරූපණයේ යෙදුණා. ඒ කාලේ ගොඩක්‌ හොද අය මේ ක්‌ෂේත්‍රයේ හිටියා. ඒ වගේ පිරිසක්‌ අද හිටිය නම් මට ගොඩක්‌ දුක හිතෙන්න පුළුවන් මේක දාලා යන්න. දැන් මේකෙ හොදයි කියලා කියන්න තරම් අය අඩුයි.

නිලුක්‌ෂිගෙයි දිමුතුගෙයි ආදර කතාවට බාධක අභියෝග තිබුණේ නැතිවමද ?
බාධක ආවේ නැහැ. මං එයත් එක්‌ක යාළුවෙන්න ප්‍රධාන හේතුව මගේ ගෙදර අය එයාට දක්‌වන ආදරයයි. මට කලින් එයාට කැමැත්ත දුන්නේ මගේ තාත්තා. මං පොඩි කාලෙත් මොනව හරි නොගැළපෙන මොකක්‌ හරි තෝරගත්තොත් තාත්තා කියනවා ඔයා මේක ලස්‌සනට ගත්තට ඕක ඔයාට කරන්න සුදුසු නැහැ කියලා. ඒ කාලෙත් තාත්තා කිව්ව දේ හරියටම හරි. මම හිතනවා මගේ ජීවිතයට ගැළපෙනම දේ තෝරලා දෙන්න දන්නෙ මගේ තාත්තා. ඉතින් මගේ තාත්තා මට තෝරලා දුන්නෙ මට හොදම දේ කියලා මම විශ්වාස කරනවා.

මේ තරම් පෑහෙන ප්‍රේමයකට මත ගැටුම් හිත් රිදුම් නොහොද නෝක්‌කාඩුකම් අදාළම නැතිද?
අපි දෙන්න අතරේ රණ්‌ඩු ඇතිවෙන්නෙ නැහැ. එයා කොහොමටත් රණ්‌ඩු වෙන කෙනෙක්‌ නෙවෙයි. රණ්‌ඩු වෙනවා නම් මට තනියම තමයි රණ්‌ඩු වෙන්න වෙන්නේ. ඒ තරමටම එයා එක දවසක්‌ ආශ්‍රය කළොත් ඕනෑම කෙනෙක්‌ ආදරය කරන හොද පුද්ගලයෙක්‌.

ඉතින් තමන්ට හිමි ඒ තරම්ම වටිනා ආදර හිත කවුරුන් හෝ හොරකම් කරගනීවි කියලා සැක සංකා නැතිද ?
නැහැ. මට මං ගැන විශ්වාසයි. මගේ මොනව හරි අඩුපාඩුවක්‌ තියෙනවා නම් නේ එයාට එහෙම කෙනෙකුට ළං වෙන්න හිතන්නේ. මගේ ආදරයේ පුංචි හෝ අඩුවක්‌ නැහැ කියලා මම විශ්වාස කරනවා.

ජීවයට කඳුළක්‌ දී මැකීගිය ආදර කතා අපි හැමෝටම වගේ නිලුක්‍ෂිගේ දිවියටත් පොදුයිද?
ඔව්. එහෙම දේවල් තිබිලා තියෙනවා. ඒ හැම දෙයක්‌ම ජීවිතයට අත්දැකීම්. අපිට හොද කෙනෙක්‌ හමුවුණහම එයා හොදයි කියලා තේරුම් ගන්න බැහැ , වැරදි දෙයත් හමුවෙලා නොතිබුන නම්. මට හොද කෙනෙක්‌ හමුවෙලා තියෙනවා කියල අද තේරුම් යන්නෙ මගේ ජීවිතයට වැරදි පුද්ගලයොත් හමුවෙලා තිබුණ නිසයි. ඒ හැම දෙයක්‌ම අතීතය තුළම බොදවෙලා ගිහින් ඉවරයි.

ධම්මිකා සුරංජි පතිරණ


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top