තරු පහේ හෝටලයට ආපු පොලිසිය කරපු දේ....
මහාක්ෂේ චක්‍රබෝර්තිට එල්ල වී තිබූ බරපතළ චෝදනාව
ජනප්‍රිය නළු මිතුන් චක්‍රබෝර්ති ගේ පුත්‍රයා තමයි, මහාක්ෂේ චක්‍රබෝර්ති. ඔහුගේ විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ මීට දෙසතියකට පෙරයි.
බොලිවුඩ් සිනමාව තුළ මහාක්ෂේ ප්‍රචලිතව සිටින්නේ මිමෝ නමිනුයි.
මහාක්ෂේගේ මනාලිය, යොවුන් නිළියක වන මදල්ශා ශර්මායි. නමුත්, මේ යුවළට නියමිත දිනයේ විවාහ දිවියට එළඹෙන්නට වරම් ලැබුණේ නැහැ.
මංගල උත්සවය පැවැත්වීමට සූදානම් කර තිබුණු තරු පහේ හෝටලයට පැමිණි පොලීසිය, මිමෝ සහ ඔහුගේ මව (මිතුන්ගේ බිරිය) වන යෝගිතා බාලිවත් පොලිස් අත්අඩංගුවට පත්වීම එයට හේතුවයි.
මිමෝට එල්ල වී තිබුණේ බරපතළ චෝදනාවක්. ඔහු එක්තරා කාන්තාවක සමඟ පෙම් සබඳතාවක් පවත්වා තිබෙන බවයි පැවසෙන්නේ.
එම කාන්තාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මිමෝ සහ ඇය අතර තිබූ සබඳතාව නිසා ඇය ගැබිනියක වූ බවයි.
මේ දරු ගැබ විනාශ කිරීමට මිමෝ තමන්ට බල කළ බවත් ඔහු ඒ සඳහා පෙති වර්ගයක් ලබාදුන් බවත් මේ කාන්තාව පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.
මිමෝ ගේ මව ද තමන්ට තර්ජන කරමින් ඔහු සමඟ ඇති සබඳතා වහාම නතර කරන්නැයි පැවසූ බවත් පැමිණිලිකාරිය තවදුරටත් සඳහන් කර තිබෙනවා. මේ හේතුවෙන් ජීවිතය රැක ගැනීමට මුම්බායි නුවර සිට දිල්ලි නුවර පැමිණි බවත් ඇය පවසා තිබෙනවා.
නම හෙළිකර නැති මේ කාන්තාව විසින් කරන ලද පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, මංගල උත්සවය පැවැත්වීමට මඳ වේලාවකට පෙර මිමෝ සහ ඔහුගේ මව අත්අඩංගුවට ගත්තා.
මේ නිසා මනාලියටත් ඥාතීන්ටත් සිදුවුණේ ආපසු හැරී යාමටයි.
අත්අඩංගුවට පත් මිමෝ සහ යෝගිතා පසුදිනයකදී ඇප මත නිදහස් කෙරුණු අතර පසුගිය සතියේ මිමෝ සහ මදල්ශා ගේ විවාහය සිදු කෙරුණා.