ටයර් සේවා මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි සේවකයෙකු එහිදී සිදුවූ හදිසි අනතුරකින් මරණයට පත්වී තිබෙනවා.
මෙම අනතුර සිදුවී තිබුණේ ඉකුත් 18 වන දා රාත්‍රියේ මතුගම ප්‍රදේශයේ පිහිටි ටයර් සේවා මධ්‍යස්ථානයකදීයි.
බස් රථයක රෝද මාරු කරමින් සිටියදි එහි ටයරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.
එම අනතුර ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්.