අක්මීමන, බටදූව හිරළුගොඩ ප්‍රදේශයේ නිවසක වහලයේ උළු ඉවත්කොට නිරුවතින් නිවසට ඇතුල්වී නිවසේ සිටි තරුණියකට නිරුවත පෙන්වූ තිදරු පියෙක් ඊයේ (19) අක්මීමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ අදාළ නිවසේ කාන්තාවක් හා ඇගේ දියණියන් දෙදෙනා පමණක් සිට ඇති අවස්ථාවේ සැකකරු ඊයේ අළුයම 1.30ට පමණ නිවසේ වහලයේ උළු ඉවත්කොට නිරුවතින් නිවසට ඇතුල් වී ඇති බවයි.
අනතුරුව සැකකරු නිදි යහනේ සිටි නිවෙස් හිමි කාන්තාවගේ 18 හැවිරිදි දියණියකගේ කාමරයට නිරුවතින් ගොස් ඇති අතර ඒ සමඟ ඇය බියට පත්ව කෑගැසීම නිසා ඔහු නිරුවතින්ම වහලයට නැග සෙවිලි තහඩුවක්ද කඩාගෙන දිව ගොස් ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් පොලිසියට පැමිණිලි කිරීමත් සමඟයි අසල්වැසියෙකු බව පැවසෙන සැකකාර තිදරු පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ගෙන ඇත්තේ.
ඔහු මීට පෙර ද නිවෙස්වල නානකාමරවලට එබිකම් කර හසුවූ අයෙක් බවත් ඔහු මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරිමට නියමිත බවත් පොලිසිය පවසනවා.
තරුණියකට නිරුවත ප්‍රදර්ශනය කරමින් ලිංගික අතවර කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.