සාමාන්‍යයෙන් සුපිරි තරු බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි තමන්ගේ ප්‍රසිද්ධ චරිතය භාවිතා කරලා, ඇඳුම් ආයිත්තම්, සප්පත්තු - සෙරෙප්පු, එහෙමත් නැත්නම් සුවඳ විලවුන් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දෙන එක. මේ කතාවත් ඒ වගේ වැඩක් ගැන.
කිම් කඩෑෂියන් කියන්නේ ලෝකයේ විතරක් නෙමෙයි අපේ රටෙත් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ චරිතයක්. ඒ ගැන වැඩිය කතා කරන්න අවශ්‍ය නැහැනේ.
පහු ගිය දා කිම්, අලුත් සෙල්ලමක් පටන්ගෙන තියෙනවා. ඒ සෙල්ලම අපි නිතර දෙවේලේ කිම් ගැන අහලා තියෙන සෙල්ලම ජාතියේ එකක් නෙමෙයි. මුලින් කිව්වා වගේ කිම්නුත් හා හා පුරා කියලා සුවඳ විලවුන් නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දීලා තියෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර විදියට තවමත් වයස අවුරුදු 37ක් වෙන කිම්, තමන්ගේ අලුත්ම සුවඳ විලවුන් නිෂ්පාදනය හඳුන්වා දීලා විනාඩි පහක් යන්නත් මත්තෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක් උපයලා තියෙනවා.
කිම් ගේ මේ අලුත්ම සෙල්ලමේ හොඳම කතාව තමයි, සත පහක්වත් මේ සුවඳ විලවුන් නිෂ්පාදනයේ ප්‍රචාරණ කටයුතු වලට වියදම් නොකර තිබීම. හැබැයි සමාජ ජාල මාධ්‍ය වල උදව්ව නම් අරගෙන තියෙනවා කියලයි ආරංචිය.
මීට අමතරව, කිම් තමන්ගේ සුපරි තරු යහළුවන් කිහිප දෙනෙක්ටත් මේ නිෂ්පාදනය තෑගි යවල තියෙනවා. ඒ අය කිම්ගෙන් ලැබුණු තෑගි සමාජ ජාල මාධ්‍ය වල පළ කිරීමෙනුත් කිම්ගේ සුවඳ විලවුන් වලට ප්‍රචාරණය ලැබිලා තියෙනවා කියලා විශ්වාස කරනවා.
Kimoji Vibes, Kimoji Cherry සහ Kimoji Peach යන වර්ග තුනකින් ඔබට දැන් කිම්ගේ සුවඳ විලවුන් නිෂ්පාදන, එකක් ඩොලර් 45ක් වැනි මුදලකට මිලදී ගන්න පුළුවන්.