"අරාබි, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ ඇතුළු රාජ්‍ය භාෂා 8ට වඩා කතා කිරීමට දක්ෂයි.."
"ලෝකයේ ප්‍රබල ජනාධිපතිවරු කිහිප දෙනෙක් සමග සමීපයි.."
මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ Croatia ජනාධිපතිය Kolinda Grabar ගැනයි. ලෝක පාපන්දු ශුරතාවයත් සමගම ඇයගේ රූපය හා ඇයගේ තොරතුරු පිලිබදව බොහෝ දෙනෙක් හොයන්නට පටන් ගත්තා.
Kolinda Grabar කියන්නේ Rijeka කියන නගරයේ උපත ලැබූ කෙනෙක්. වර්ෂ 1968 අප්‍රේල් මස 29 වැනි දින උපත ලබන ඇය ඉගෙනීමට ඉතාමත් දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා.
ඒ නිසාම ඇය ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ සාහිත්‍ය පිළිබදව උපාධියක් ලබනවා. එතැනින් නතර නොවුණු ඇය ජාත්‍යන්තර සබඳතා පිළිබද පශ්චාත් උපාධියකුත් හදාරන්නේ දේශපාලන ජිවිතයට ඉන් පන්නරයක් ලැබීමටයි. ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වගේම හාවඩ් හා ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලවලින් උපාධිය ගත්ත ඇය ජාත්‍යන්තර සබදතා පිළිබද පශ්චාත් උපාධිය සම්පුර්ණ කරන විට ඇයගේ වයස අවුරුදු 46යි. රූපය නිසා බොහෝ දෙනාගේ ආකර්ෂණයත් හිමි වුණා. ඇයගේ මව ඉතාමත් රූමත් කාන්තාවක් ඇය පවසන විදිහට ඒ පිහිටීම තමාටත් තිබෙන බවයි ඇය කියන්නේ. ඇය ලබා තිබු ඉහල අධ්‍යාපනය සහ දේශපාලන අත්දැකීම් නිසා ඇය 2007 සිට 2011 දක්වා ඇමෙරිකාවේ ක්‍රෝඒෂියා තානාපතිවරිය ලෙස පත් කරනවා.
ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික NATO සහකාර මහා ලේකම් බවට පත් වන්නේ එම තනතුරට පත් වූ ප්‍රථම කාන්තාව හැටියටයි. කොහොම නමුත් ඇයට ලැබුණු සියලු තනතුරු ඇය සාර්ථකව කරගෙන යන්නේ කාගේත් ආකර්ශනීය චටිතයක් වෙමින්. NATO කවය තුල සිටින කාලයේ ඇය ඇෆ්ගනිස්ථානයේ කිහිපවතාවක්ම සංචාරය කර තිබෙනවා. NATO කවය තුලදී ඇයව හදුන්වා ඇත්තේ SWAMBO නමිනුයි. ඇයගේ කාරුණික හා නිහතමානිකමට ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක්ම ප්‍රසංසා කර තිබෙන බවත් කියනවා. කොහොම නමුත් ඇය භාෂා කිහිපයක්ම කතා කිරීමට හැකියාවක් තිබෙන ජානාධිපතිනියක්. අරාබි, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ , ඩෙන්මාර්ක් යන භාෂා කතා කරන ඇය ජර්මන්, ප්‍රංශ, ඉතාලි හා රුසියා වැනි භාෂාවෙන් කතා කිරීමත් ඉතා දක්ෂයි. විවිධ භාෂා කතා කිරීමේ හැකියාව නිසාම රුසියාවේ මෙන්ම වෙනත් රටවල් කිහිපයක ජනාධ්පතිවරුන් සමග සුහදව කටයුතු කිරීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.