Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
16
වසර 40 කට අධික කාලයක් අත්හිටුවා තිබූ මරණීය දණ්ඩනය ගැන යුරෝපා සංගමය ජනපතිගෙන් ඉල්ලූ ඉල්ලීම - Video

- වසර 40 කට අධික කාලයක් අත්හිටුවා තිබූ මරණීය දණ්ඩනය ගැන යුරෝපා සංගමය ජනපතිගෙන් ඉල්ලූ ඉල්ලීම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස යුරෝපා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.  
 
එම සංගමය මේ බව සදහන් කළේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය හා ඉතාලිය ඇතුළු මෙරට මහ කොමසාරිස් හා තානාපති කාර්යාල 8 ක එකඟත්වයෙන් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක් මගින්.  


යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලය මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත්කර ඇත්තේ මෙරට බ්‍රිතාන්‍ය, කැනඩා මහකොමසාරිස් කාර්යාල සහ ප්‍රංශ, ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියා සහ  නෝර්වේජියානු යන තානාපති කාර්යාලවල එකගත්වය මතයි.

තමන් සෑම අවස්ථාවකදීම මරණීය දණ්ඩනයට දැඩි ලෙස විරුද්ධ බවත්, වසර 40 කට අධික කාලයක් අත්හිටුවා තිබූ  මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී තිබීම ඛේදනීය බවත් යුරෝපා සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශයේ සදහන්.  

ඔවුන් මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත  ලිපියක් ද යොමු කර ඇතිඅතර රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව මරණීය දණ්ඩනයට විරුද්ධ වීමේ සම්ප්‍රදාය තවදුරටත් පවත්වාගෙන යන ලෙසයි.

මේ අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් තමන්ට යොමුකර ඇති මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ රැදවියන් 18 දෙනාගේ නාමලේඛනය වැඩිදුරටත් අධ්‍යයනය කරමින්  සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ  නාමලේඛනයේ නම් සදහන් රැදවියන්ට ඇති චෝදනා සහ ඔවුන් දඩුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇත්නම් ඒ පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර ඇති බවයි.

එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව අදාළ නාමලේඛනය සහිත වාර්තාවක් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

එම නාමලේඛනයේ නම් සදහන් රැදවියන් 18 දෙනා අතර විදෙස් ජාතිකයින් දෙදෙනෙකු වනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකළ මරණ දඩුවම නියම වූ රැදවියන් 18 දෙනාගේ නාමලේඛනය පිළිබඳ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය අද පැවැති උත්සවයකදී මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා සදහන් කළේ වධක තනතුර සදහා ඉල්ලුම්පත් කැඳවීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන  බවයි.

රජය එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නේ නම් වධක තනතුර සදහා වැටුපකින් තොරව තමන් ඉදිරිපත් වන බව හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි  71 හැවිරිදි එල්.බී. කරුණාවතී මහත්මිය පවසනවා.

මේ අතර, පසුගිය 13 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ  පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නියෝජිතයින් පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කලා.

මේ අතර, මුදල් හා ජනමාධ්‍ය මංගල සමරවීර මහතා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පළ කළ අදහස් සම්බන්ධයෙන් ඉහළ පෙළේ සමාජ සේවා සංවිධානවල නියෝජිතයන්ට යම්කිසි සිත් රිදවීමක් ඇති වූයේ නම් සමාව අයදින බව පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවන් දානපතියන් ලෙස සහ රොටරි සහ  සිංහ සමාජ වැනි සංවිධානවලට මුවා වී ඒවායේ නිරත වන බවට තමා සිදුකළ ප්‍රකාශය පිළිබද කනගාටුව පළ කරන බවයි.

මරණ දඩුවමට තමාගේ විරුද්ධත්වය තවදුරටත් ප්‍රකාශ කරන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අදාළ සංවිධාන සම්බන්ධ කිරීම තුළින් කිසිවෙකුටත් සිත් රිදවීමක් සිදුවූයේ නම් සමාව අයදින බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

මේ අතර,  මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තිරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින්ට මරණ දඩුවම ලබාදීමට තීරණය කර ඇති මොහොතක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මහනුවර - දුම්බර බන්ධනාගාරයට අයත් සංචාරක බංගලාවක නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 7 වැනිදා බත්තරමුල්ල ප්‍රදේශයේදී රුපියල් මිලියන 1248 ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 103 යි ග්‍රෑම් 948 ක් සමගින්  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, එය සැලකෙන්නේ මෙරටදි හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙසයි.

එලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුට පවුලේ සාමාජිකයින් ද සමගින් පසුගිය දෙසැම්බර් මාසයේදී දුම්බර බන්ධනාගාරයට අයත් සංචාරක බංගලාවක නවාතැන් පහසුකම් ලබාදී ඇති අතර, ඔහු මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරුණු පුද්ගලයෙක්.

කෙසේ වෙතත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ මොහු පිළිබද දැන හෝ නොදැන බන්ධනාගාර සංචාරක බංගලාවක නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top