මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත වැරදිකරුවන් ලෙස මරණීය දණ්ඩනය නියම වී සිටින්නන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ කාන්තාවක් යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.
අමාත්‍යවරිය මේ බව සඳහන් කලේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වු ජනතාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති චෙක්පත් බෙදා දීමේ වැඩ සටහනකට එක් වෙමින්.
මත්ද්‍රව්‍ය ජාවාරමේ තවදුරටත් නිරත වී සිටින මරණීය දඬුවම නියම වූ අයට ඒ දඬුවම ක්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපති තුමන් කී අවස්ථාවේ එම දඬුවම නියම වී සිටින අයගේ ලැයිස්තුව ගෙන්වා බැලූ විට මේ බව පෙනී ගිය බවයි අමාත්‍යවරිය පවසන්නේ.
තමන් රජය භාර ගන්නා අවස්ථාවේ රටම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගෙන්වන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබු බවත් ඇතැම් නිලධාරීන් ඊට සම්බන්ධ බවත් අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය..
ඒ කාලයේ පාතාලය රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වුණා. අද පාතාලය කවුරු අකමැති වුණත් කැමති වුණත් අපි පාතාලය මර්දනය කරනවා. පාතාලය මෙහෙය වන කල්ලි කිහිපයක් කණ්ඩායම් කිහිපයක් අද ක්‍රියාත්මක වෙනවා. ඉඩම් මං කොල්ල කන පාතාලයක් හොර ඔප්පු හදාගෙන අහිංසක ජනතාවගේ ඉඩම් කොල්ල කන එකක් ක්‍රියාත්මක වෙනවා.
තවත් පාතාලයක් තියෙනවා හෝටල් පාතාලය ඒක හික්කඩුව වැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්නේ. කිසි කෙනෙකුට ඒ පළාත්වල හෝටල් පටන් ගන්න බැහැ. මේවා අපි නැති කරන්න කටයුතු කළ යුතුයි. අහිංසක මිනිස්සුන්ට ජීවත්වීමේ අයිතිය ලබාදීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.
තමන්ගේ දූ දරුවන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන් දෙමව්පියන් වන ඔබගේ වගකීමක්. මේ රටේ කුඩු වැඩියෙන්ම එහාට මෙහාට ගෙන යන්නේ කාන්තාවන්වීම පිළිබඳව අපි කණගාටු වෙනවා. අපිට දැන් බන්ධනාගාරයත් අයිති නිසා එහි කටයුතු පිළිබදව අපි දන්නවා.
කාන්තාවක් තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහාට මෙහොට ගෙනියන්න මුදලට යට වෙලා කටයුතු කරනවා නම් මහා ලොකු බෞද්ධකමක් ගැන කථා කළාට වැඩක් නැහැ.’’ යැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.